රූපවාහිනිය යනු
සන්නිවේදනය මිනිසාගේ මූලික අවශ්‍යතාවයකි. අතීතයේ සිටම සන්නිවේදනය සඳහා විශාල අවශ්‍යතාවයක් පැවතීය. සමාජීය වශයෙන් ජනගහණයේ වැඩි වීම නිසා ප්‍රාථමික සමාජයේ තිබු සරල සන්නිවේදන ක්‍රම එදිනෙදා සන්නිවේදන අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රමාණවත් නොවීය. සරල සන්නිවේදනය ක්‍රම සංකීර්ණ සන්නිවේදන ක්‍රම කරා ඉදිරියට ගෙනයනු ලැබුවේ මෙම සිද්ධාන්තය මුල් කරගෙනය.ක්‍රම ක්‍රමයෙන් සන්නිවේදන ක්රමයන් දියුණු කිරීම සඳහා එකළ සිටම විද්‍යාඥයින් ඇතුළු බොහෝ පිරිසක් උත්සහ දැරුවේය. ඒ අනුව යුගයේ තිබෙන අවශ්‍යතා හා සමාජිය පරිසරය මත සන්නිවේදන ක්රමයන් බිහිවන්නට විය. ඒ අනුව මානව සමාජයට සංහතික මාධ්‍යයක් ලෙස ප්‍රථමයෙන් පැමිණියේ පුවත්පතයි. ඉන් අනතුරුව ගුවන් විදුලිය පැමිණි අතර ඉන් පසුව රූපවාහිනිය පැමිණියේය. ගුවන් විදුලියෙන් සපුරාලිය නොහැකි සන්නිවේදනය අවශ්යතාසපුරාලමින් දෘෂ්‍ය මාධ්‍යයේ විප්ලවීය වෙනසක් ඉටු කරමින් රූපවාහිනිය සංහතික මාධ්‍යයක් ලෙස මානව සමාජයට පැමිණියේය.
රූපවාහිනිය බිහිවීමට විවිධ හේතූන් බලපෑවේය. එෛතිහාසික වශයෙන් විවිධ විද්‍යාඥයින් දැනුවත්ව මෙන්ම නොදැනුවත්වද රූපවාහිනිය බිහිවීම සඳහා විවිධ සොයාගැනීම් සිදු කරනු ලැබුවේය. ඒවායින් බොහෝමයක් තාක්ෂණික උපකරණ වූ අතර රූපවාහිනිය බිහිවීමට එකළ පැවති සමාජයේ බලපෑම්ද විශාල වශයෙන් හේතු විය. මෙලෙස එක් එක් ක්ෂේත්රයන්ගෙන් පැමිණි බලපෑම් සහ හේතූන් රූපවාහිනිය බිහිවීමට ප්‍රධාන වශයෙන්
බලපෑමි කළේය.මෙලෙස විවිධ සොයාගැනීම්වල ප්‍රතිඵලයක් වශයෙන් රූපවාහිනිය බිහි වූ අකර ඒ සඳහා පාදක වූ සොයාගැනීම් 04 ක් පිළීබදව මෙහි සඳහන් කර ඇත. ඒ අනුව සංහතික මාධ්‍යයක් ලෙස රූපවාහිනිය බිහිවීමට බලපෑ ඓතිහාසික , සමාජිය හා තාක්ෂණික හේතූන් පිළිබදව මෙම සොයාගැනීම් 04 තුලින් පැහැදිලි කිරීමට පුළුවන.
නිපකො තැටිය ( Nipkov disk )
1860 අගෝස්තු 22 වනදා පෝමරේනියා ලෝන්බර්ග් හි පොල් ජුලියස් ගොට්ලෙයිබ් නිල්කොව් ( Paul Julius Gottlieb Nipkov) උපත ලැබීය. මොහු ජර්මානු ජාතිකයෙක් වූ අතර ඔහු බර්ලින් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවේය. මොහු ශිෂ්‍යයෙකුව සිටි කාලයේ එනම් 1883 දී නත්තල් දිනයේදී තම නිවසේ තෙල් පහනක් සමඟ තනිව වාඩි වී සිටියදී ඔහුට මෙම අදහස පැමිණි බව සඳහන් වේ.
19 වන සියවසේ බොහෝ දෙනෙක් රූප ග්‍රහණය කිරීමට ක්‍රම සොයමින් සිටියේය. 1884 දී දෘෂ්‍ය රූපයක් විද්‍යුත් සංඥාවක් බවට පරිවර්ථනය කිරීම සඳහා කැපී පෙනෙන ක්‍රමයක් යෝජනා කළේ මෙම පොල් නිපකොට් විසිනි . ඔහුගේ එම යෝජනාව ඔහු විසින් නිර්මාණය කළ අතර එය නිපකො තැටිය ( Nipkov disk ) ලෙස හදුන්වනු ලැබීය. නිපකොව්තැටිය යනු ලෝහමය හෝ කාඩ්බොඩ් තැටියක් වන අතර එය සිදුරු කර ඇති අතර එම සිදුරු හතරැස් වන අතර එවැනි සිදුරු 20 කින් මෙම නිපකොට් තැටිය සමන්විත වේ. මෙම සිදුරු සහිත තැටිය භ්‍රමණය වන විට රූප රේඛාව රේඛාවෙන් රේඛාවට පරිලෝකනය කර ඒවා ග්රාහකයාට සම්ප්‍රේෂණය කළ හැකි බව පරිවර්ථනය කරන ලදී.
මෙම නිපකොව් තැටිය ක්‍රියාත්මක වන්නේ මෙසේය. සිඳුරු සර්පිලාකාරකලාපය හරහා ගමන් කරන රූපයක් එහි මතුප පිටට ප්රක්ෂේපණය කෙරේ. තැටිය භ්‍රමණය වන විට එහි සෑම සිඳුරක්ම තමන්ගේ චාපයක් හරහා රූපය ඉදිරිපිටට ගමන් කරන අතර එය ඊට පෙර සිඳුරෙන් ගමන් කළ රූපයට වහාම යාබඳව පිහිටා ඇත. සෑම සිඳුරක්ම ගමන් කරන විට ඒව ක්‍රමයෙන් ප්‍රතිබිමිබ රේඛාව මඟින් පරිලෝකනය කරන අතරල සර්පිලාකාරයේ අවසාන සිඳුර පසු වූ වහාම එය සර්පිලාකාරයේ අනෙක් කෙළවරේ පළමු වැන්න අනුගමනය කර ක්‍රියාවලිය නැවත සිඳු කෙරේ. තැටිය පිටුපස ආලෝක සංවේදී අනාවරකයක් තැබුවහොත් එයට වීඩියෝ තීව්රතාවයක් ලැබෙන අතර එය වීඩියෝ ස්කෑන් රේඛා ලෙස වෝල්ටීයතා ප්රතිදානයකට අනුරූප වේ. මෙම ක්‍රියාවලිය ආපසු හරවා තැටිය පිටුපස ලාම්පුවක් තබා විස්තාරණය කරන ලද වීඩියෝ සංඥා පෝෂණය කළහොත් ඒ ඉදිරිපිට සෑම සිඳුරක්ම ගමන් කරන විට පින්තූරයේ නව රේඛාවක් දිස්වනු ඇත. තැටියේ වේගවත් භ්‍රමණය නිසා ආලෝක ලප එක් ප්රතිරූපයකට ඒකාබද්ධ වේ. මෙම තාක්ෂණය ක්‍රියාත්මක වනනේ මිනිස් අක්ෂි සංජානනයේ අවස්ථිති ලක්ෂණ බැල්ම මඟින් දැනෙන අවශේෂ දීප්තිය එක් පින්තූරයකට එකතු කිරීමේ හැකියාව නිසාය. සරලවම කිවහොත් ඇසේ පෙනීම අඛණ්ඩව පැවතීම හේතුවෙන් නරඹන්නාගේ ප්‍රතිඵලයක් ලෙස වේගයෙන් චලනය වන ආලෝක තිත් රූපයක් තුළට ගොඩනගනු ඇත.
මෙම නිපකෝ තැටිය යොදාගනු ලැබුවේ තැටිය භ්‍රමණය වන පරිදි ආලෝක නල හරහා ගමන් කරන ආලෝකය මඟින් සම්ප්‍රේෂණය සඳහා අවශ්‍ය දර්ශනය කිරීමට හැකි විද්‍යුත් සංඛ්‍යා උත්පාදනය හෝ ග්රාහක සංඥාවෙන් රූපයක් නිශ්පාදනය කිරීම සඳහාය. ඒ අනුව රූපයක් විද්‍යුත් ආවේගයක් බවට හැරවීමට නිපකොව් විසින් සාදන ලද මෙම නිපකෝ තැටියට හැකි විය. නමුත් මෙම තැටියේ යම් අඩුපාඩුවක් තිබුණේය. ඒ එය ඉතා කුඩා රූපයක් ලබා දුන්නේය.
මෙලෙස රූපවාහිනියක් සඳහා වැදගත් වන නිර්මාණයක් කළ පොල් නිපකොව්ගේ මෙම නිර්මාණය සංවර්ධනය කරමින් ඉදිරියට ගෙන යන්නට විය. යාන්ත්‍රික නිපකොව් තැටිය ප්‍රතිස්ථාපනය කිරීමේ පළමු උපකරණය වන්නේ ඇමරිකානු ෆැනිකොයිස් ෆිලෝ ටේලර් විසින් නිර්මාණය කරන ලද රූප විච්ඡේදකයයි. එම උපකරණය මඟින් නිපකොව් තැටිය මෙන් රූපය පරිලෝකනය කර එය සම්ප්‍රේෂණය කළ හැකි විද්‍යුත් සංඥාවකට බෙදා දැක්විය හැකිය. 1934 දී මහජනතාවට ඉදිරිපත් කරන ලද ප්‍රථම සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන පද්ධතියද ඔහු ඉදි කරන ලද්දේය.රූපවාහිනිය රූප සම්ප්‍රේෂණය කිරීමේ පළමු අත්හදා බැලීම් සිඳු වූයේ 1931 දීය. පළමු රූපවාහිනිය එකලස් කළේ නිපකෝ තැටියේය. එය නිශ්පාදනය කරන ලද්දේ ලෙනින් ග්රදඩ් බලාගාරය වන "කොමින්ටන් " හිදි වන අතර එය ස්වාධීන උපාංගයක් නොව රේඩියෝ ග්රාහකයන් වෙත සම්බන්ධ කළ යුතු සෙට් - ටොප් පෙට්ටියක් ල රූපවාහිනියේ තිරය සෙන්ටිමීටර 3×4 ප්‍රමාණයක තිබුණි.
මේ අනුව රූපවාහිනිය බිහිවීම සඳහා බලපෑ වැදගත් සාධකයක් වන මෙම නිපකෝ තැටියට 1884 දී පේටන්ට් බලපත්‍රය ලැබුණු අතර ප්‍රංශයේ පැරිස් නුවර විද්‍යුතය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේදී පෝල් නිප්කොව් මහතා සහ අනෙකුත් පර්යේෂකයන්ගේ සොයා බැලීම් ඒකරාශි කර Television යන වචනය කොන්ස්ටැන්ටින් පර්සකි මහතා විසින් ප්‍රථම වරට ලෝකයට 1900 අගෝස්තු 25 වන දින හඳුන්වා දුනි.
මේ අනුව නිප්කෝව් මහතා ප්‍රථම වරට ලෝකයට විද්‍යුත් යාන්ත්‍රික රූපවාහිනි (Electro Mechanical Television) ක්‍රමවේදය හඳුන්වා දුන් බව පැවසිය හැක.එසේම ඔහු මෙම නිපකොව් තැටිය සඳහා සෙලනියම් මූලද්රවයදභාවිතා කොට ඇත.මේ අනුව රූපවාහානිය සංහතික මාද්යක් ලෙස බිහිවිම සඳහා ඓතිහාසික හා තාක්ෂණික වශයෙන් හේතු වූ බව මෙයින් පැහැදිලි වේ.
සෙලනියම් මූලද්‍රව්‍ය
සෙලනියම් මූලද්‍රව්‍ය රූපවාහිනිය බිහිවීම සඳහා බලපෑ මූලික බීජය ලෙස පෙන්වා දිය හැකිය. මෙම මූලද්‍රව්‍ය හරහා විද්‍යුතය ගමන් කිරීම ඊට ප්‍රධාන හේතුව විය. ඒ අනුව සෙලනියම් මූලද්‍රව්‍ය විශාල වශයෙන් රූපවාහිනිය බිහිවීම සඳහා බලපානු ලැබීය.
රූපවාහිනියේ උපත සඳහා විද්‍යාඥ Jokob Berezelins විසින් සෙලනියම් මූලද්‍රව්‍ය සොයා ගනු ලැබුවේය. එය විද්‍යුත් ගුණ සහිත ආවර්තිතා වගුවේ සල්සා යටතේ ඇති පරමාණුක ක්‍රමාංක 34 සහිත මූලද්‍රව්‍යයකි. මෙය ලෝහමය කාණ්ඩයේ ද්වාරමය වන සෙලනියම් මූලද්‍රව්‍ය 1817 ස්වීඩනයේ විශේෂිත කම්හලක නිපදවෙන සල්ෆියුරික් අම්ලය විශ්ලේෂණය කිරීමට සිඳු කළ පර්යේෂණයේදී සල්ෆියුරික් අම්ල කුටිවල ඉතිරි වී ඇති රතු - දුඹුරු අවසාදිතයන් පිළිබඳ පර්යේෂණ කිරීමට අවස්ථාව ලැබුණු අතර එය නිරීක්ෂණය කරන විට රත් වූ විට එය රාබු වැනි සුවඳක් නිකුත් කරන බැවින් ඉතිරි වු දුවිලි ටෙලුරියම් මූලද්‍රව්‍ය දැයි සැකයක් ඇති විය. කෙසේ හෝ බොහෝ පර්යේෂණයන්ගෙන් පසුව නව මූලද්‍රව්‍යයක් සොයාගෙන ඇති බව ඔහු වටහා ගත්තේය.
මෙම සෙලනියම් සතු විශේෂ ගුණාංග කිහිපයක් මෙසේය.
- මෙම මූලද්‍රව්‍යයේ විවිධ ස්වරූප තිබීම.
- අර්ධ සන්නායකයක් වීම - යම් විදුලියක් සන්නයනය කළ හැකි වීම.
- ආලෝකය විදුලියක් බවට වෙනස් කිරීමට හැකි වීම.
- ප්‍රභා සන්නායක හැකියාව තිබීම.
එසේම ආලෝකය වැඩිවන විට වඩාත් විද්‍යුත් සන්නායක වීමට හැකියාවක් ඇති බව පර්යේෂණ මඟින් සොයා ගන්නා ලදී. 1873 දී බටහිර අයර්ලන්තයේ ටෙලිග්රාෆ් ක්‍රියාකරුවෙකු වන Joseph May ( ජෝසප් මේ ) විසින් අහම්බයෙන් ප්‍රතිරෝධක ලෙස භාවිතා කරන ලද සෙලේනියම් දැඩි හිරු එළියේ බලපෑම මත අගය වෙනස් වන බවටද සොයාගන්නා ලදි.
එහිදී මොහු හට සූර්යයකෝෂ බලගැන්වීම සහ විද්‍යුතය පිළිබඳවද අදහසක් පහළව ඇත. එහිදී ඔහු විසින ් සිඳු කර ඇති පරීක්ෂණය වන්නේ ජනේලයක් ආසන්නයේම තිබෙන මේසයක් ගෙන සෙලනියම් කූරක් භාවිතා කරමින් විද්‍යුතය සූර්යාලෝකය මඟින් බලගැන්වීමට උත්සහ කළ අතර එය සාර්ථක විය. මෙය රූපවාහිනිය බිහි වීම සඳහා උපකාරි විය. එසේම මෙය අහඹු සොයාගැනීමක් වීමද විශේෂ කාරණාවකි.
පෝල් නිපකොට්ගේ තැටි ස්කෑනරය සෙලේනියම් සෛල භාවිතා කළ නමුත් විශාල සංඥා අවශ්‍යතාවයට ප්‍රතිචාර දැක්වීමට සෙලෙනියම්ට නොහැකි බව පෙනි ගියේය. රූපවාහිනියේ සමස්ත අදහස වුයේ ඇසට ක්ෂණිකව දිස්වන පරිදි සිනමා තිරයක පෙනෙන පරිදි සිනිඳු හා ස්වාභාවික චලනයක් සමඟ රූප සම්ප්‍රේෂණය කිරීමට සෙලේනියම්ට නොහැකි විය.
1880 දශකයේ දී හර්ට්ස් සහ හෝල්වාච් විසින් ඡායාරූප විද්‍යුත් සෛල තැනීමට සොයාගැනීම නිසා පෙර රූපවාහිනි අත්හදාබැලීම් කළ අයට ආලෝකය විදුලියට ලත් කිරීමේ එකම මාධ්‍ය සෙලනියම් නොවීය.
1950 වර්ෂයේදී ජෝන් ලොගි බෙයාර්ඩ් විසින් රූපවාහිනිය සොයාගන්නා විට සෙලනියම් පිළිබඳව වැඩිදුර පර්යේෂණ සිදු කරන ලදී. මෙහිදී සෙලනියම් සෛලයේ ඇතිව තිබු විශාලත්වය නිසා රූප සම්ප්‍රේෂණය කිරීමේදී ගැටලු ඇති වන බව ඔහු සොයාගත්තේය. කෙසේ හෝ ඔහු වික්ටර් මිල්ස් සමඟ එක් වී එම ගැටලුව හදුනාගෙන පළමුවරට රූපයක් සම්ප්‍රේෂණය කිරීමට කටයුතු කළේය.
ඒ අනුව සෙලනියම් මූලද්‍රව්‍යයෙහි බලපෑම එෛතිහාසික හා සමාජීය වශයෙන් තිබුණු බවට හා තාක්ෂණික වශයෙන්ද රූපවාහිනිය බිහි වීම සඳහාද සෙලනියම් මූලද්‍රව්‍ය බෙහෙවින් හේතු වූ බව මෙමඟින් පෙන්විය හැක.
කැතෝඩ් රේ ටියුබ් (Cathod Ray Tube)
ඉලෙක්ට්‍රොනික රූපවාහිනිය පදනම් වී ඇත්තේ නවීන රූපවාහිනි යන්ත්‍රවල ඇති පින්තූර නළය වන කැතෝඩ් රේ ටියුබය නිසාය (Cathod Ray Tube) . මෙහි කෙටි නාමය CRT ලෙස අර්ථ දක්වයි.
මෙම කැතෝඩ් රේ ටියුබය සඳහා මූලිකම අදහස පැමිණෙනුයේ Hencricn Geissler ඔහුගේ රසදිය පොම්පය භාවිතයෙන් Geissler නම් නළයක් නිර්මාණය කරනු ලබයි. මේ සඳහා ඔහුගේ සහෝදරයා වන Julius Pilucker යන ජර්මානු ජාතිකයාගේ යම් පරීක්ෂණද හේතු විය. එසේම ලන්දේසි රසායන විද්‍යාඥ Volkert Simmon Mararten Vander Villigen රසදිය වාෂ්ප වලින් පුරවා ඇති මැසොනික් ටියුබ් නම් නළයක් ඇම්ස්ටර්ඩෑම්හිදී සාදා තිබුණේය. එබැවින් 1855 දී හෙන්රිච් ගයිස්ලර් අතින් ක්‍රෑන්ක් රසදිය පොම්පයක් සහ උසස් රික්තකයක් ( Geissler Tube ) අඩංගු විය හැකි වීදුරු බට, අඩු පීඩන වායු විසර්ජන නළයක් නිපදවීමට හැකි විය. ඔහු මෙම නළයට ලෝහ තහඩු ඇතුළු කළ අතර නළයේ ධනාත්මක කෙළවරේ සුදුමැලි කොළ ආලෝකයක් දුටුවේය. එසේම 1858 දී කැතෝඩ කිරණ චුම්බකයක බලපෑම මත නැමෙන බවද වටහා ගැනීමට හැකි විය.
එසේම 1859 දී ජර්මානු ගණිතඥයෙක් වන Juliyas Crooks විසින් නොපෙනෙන කැතෝඩ කිරණ සමඟ අත්හදා බැලීම් සිඳු කරන අතර එහිදී ඔහු විසින් කැතෝඩ කිරණ හඳුනාගැනීමට සමත් වෙයි. එය මෙම නළය සොයා ගැනීම සඳහා පාදක වූ සුවිශේෂි කාරණාවක් ලෙස පෙන්වා දිය හැකි වේ.ඉන් පසුව ඉංග්‍රිසි ජාතික ශ්‍රීමත් විලියම් ක්‍රැක්ස් (Willium Crooks) කැතෝඩ කිරණ ප්‍රදර්ශනය කිරීමෙන් එහි පැවැත්ම තහවුරු කළ පළමු පුද්ගලයා විය. " වාතාශ්‍රය නොමැති නළයක් තුළ කෙසේ විදුලිය ගෙන යන්නේ ද " යන සංකල්පය ඔස්සේ ඔහු තම පර්යේෂණය සිදු කරගෙන ගියේය.
ඉන්පසු ඉහත පර්යේෂකයන්ගේ පර්යේෂණයන් තුළින් මෙම නළයේ වටිනාකම අවබෝධ කරගත් Karal Ferdidand Braun විසින් කැතෝඩ කිරණ ඔසිල්ලොස්කෝප් හෙවත් CRT Oscilloscope ලෙස හඳුන්වනු ලබන ප්රතිද්වික තිරයක් සහිත නළයක් හඳුන්වාදීමට 1897 දී මොහුට හැකි විය. ඒ අනුව ප්‍රථම කැතෝඩ කිරණ නළය සෑදු පුද්ගලයා වන්නේ මොහුය. මෙම කැතෝඩ නළය සංවර්ධනය කිරීම ප්‍රායොගික රූපවාහිනි පද්ධති සංවර්ධනය කිරීම සඳුහා බෙහෙවින් වැදගත් වූ බව මින් පැහැදිලි වේ.
1907 දී රුසියානු විද්‍යාඥ බොරිස් රොසිං ( Boris Rossing ) ඔහුගේ ශිෂ්‍ය විලැඩිමිර් ස්වොරිකින් සමඟ වැඩ කරමින් දර්පණ - බෙර පරිලෝකනය CRT හි මූලාකෘතිය නිර්මාණය කිරීමට 1911 දී සමත් විය. CRT යන්ත්‍රය ක්‍රියා කරන ආකාරය පිළිබඳ මූලික හේතුව ඉදිරිපත් කළ ප්‍රගතශීලි ලෙස ආලෝකය සම්ප්‍රේෂණය කිරීමෙන් රූපයක් විකාශනය කළ හැකි ආකාරය නිරූපණය කළේ රොසිංය. පසුව මොහුගේ සහකරු වූ Valdir Zwoury King (ව්ලැඩිමීර් ස්වොරින්කින් ) 1929 දී ක්ඍඔ නළයක් නිපදවූ අතර එයින් නිර්මාණය කරන ලද පළමු පින්තූරය නළය දර්ශනය විය ඒ අනුව ඔහු විසින් රූපවාහිනිය සඳහා ඉතා අවශ්‍ය වූ කයිනෙස් කොප් නම් කැතෝඩ කිරණ නළයද සොයා ගන්නා ලදී.
CRT ඉතිහාසයේ විශේෂ අවස්ථා
- 1855 - ජර්මානු, Henrich Geissler ඔහුගේ රසදිය පොම්පය භාවිතයෙන් නිර්මාණය කරන ලද Geissler නළය නිර්මාණය කරයි, මෙය ශ්‍රීමත් විලියම් ක්රූෑක්ස් විසින් පසුව වෙනස් කරන ලද පළමු හොඳ ඉවත් කරන ලද (වාතයේ) රික්ත නළයයි.
- 1859 - ජර්මානු ගණිතඥයා සහ භෞතික විද්‍යාඥ, ජූලියස් ප්ලකර් නොපෙනෙන කැතෝඩ කිරණ සමඟ අත්හදා බැලීම් කරයි. කැතෝඩ කිරණ මුලින්ම හඳුනා ගත්තේ Julius Plucker විසිනි.
- 1878 - ඉංග්‍රීසි ජාතිකයන්, ශ්‍රීමත් විලියම් ක්රූෑක්ස් කැතෝඩ කිරණ ප්‍රදර්ශනය කිරීමෙන් එහි පැවැත්ම තහවුරු කළ පළමු පුද්ගලයා වූ අතර, අනාගත සියලුම කැතෝඩ කිරණ ටියුබ් සඳහා අමු මූලාකෘතියක් වන ක්රූෑක්ස් ටියුබ් ඔහුගේ සොයාගැනීමත් සමඟය.
- 1897 - ජර්මානු, කාල් ෆර්ඩිනන්ඩ් බ්රෝන් CRT Oscilloscope නිර්මාණය කරයි. Braun Tubeඅද රූපවාහිනී සහ රේඩාර් ටියුබ්වල පෙරගමන්කරු විය
- 1929 - Vladimir Kosma Zworykin කිනෙස්කෝප් නම් කැතෝඩ කිරණ නලයක් සොයා ගන්නා ලදී - ප්‍රාථමික රූපවාහිනී පද්ධතියක් සමඟ භාවිතා කිරීම සඳහා.
- 1931 Allen B.Du Mont රූපවාහිනිය සඳහා ප්‍රථම වාණිජමය වශයෙන් ප්‍රායෝගික සහ කල් පවතින CRT සාදන ලදී.
- කැතෝඩ කිරණ නළය - 1855 සිට 1896 දක්වා Bruan නළය සොයා ගැනීමට පෙර CRTසංවර්ධනය කිරීමේ කාලසටහන මෙලෙස දැක්වේ.
Braun නළය සොයා ගැනීමට පෙර CRT සංවර්ධනය කිරීමේ කාලසටහන.
- 1865 දී ජර්මානු රසායනඥ Hemann Spregell විසින් Geissler රික්තක පොම්පය වැඩි දියුණු කරන ලදී. 1869 දී ජර්මානු භෞතික විද්‍යාඥ Johann Wilhelm Hittorf විසින් කැතෝඩය ඉදිරිපිට තබන ලද ඝන ශරීරයක් නලයේ බිත්තිවල දීප්තිය කපා හරින අතර කැතෝඩයෙන් ලැබෙන කිරණ සරල රේඛාවල ගමන් කරන බව තහවුරු කරයි.
- 1871 දී ඉංග්‍රීසි ඉංජිනේරු Cromwell Fleetwood Varley කැතෝඩ කිරණ අංශු වලින් සමන්විත බවට යෝජනාවක් ප්‍රකාශයට පත් කළේය. William Crookes යෝජනා කරන්නේ ඒවා කැතෝඩයෙන් සෘණ ආරෝපණයක් ලබාගෙන එයින් විකර්ෂණය වන අණු බවයි.
- 1876 දී ජර්මානු භෞතික විද්‍යාඥ ඉයුජන් ගෝල්ඩ්ස්ටයින් පෙන්වා දෙන්නේ නළය හරහා විදුලි ධාරාවක් බල කළ විට නිපදවන රික්ත නලයක විකිරණ කැතෝඩයෙන් ආරම්භ වන අතර විමෝචනය වන ආලෝකය විස්තර කිරීමට කැතෝඩ කිරණ යන යෙදුම හඳුන්වා දුන් බවයි. පසුව 1876 දී ගෝල්ඩ්ස්ටයින් නිරීක්ෂණය කරන්නේ කැතෝඩ කිරණ නලයක් කැතෝඩ කිරණට අමතරව ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරන විකිරණ නිපදවන බවයි. මෙම කිරණ කැතෝඩයේ විදින සිදුරු (ඇළ) නිසා ඇල කිරණ ලෙස හැඳින්වේ පසුව මේවා කැතෝඩ කිරණ නිපදවීමේදී ඉලෙක්ට්‍රෝන ඉවත් කර ඇති අයන බව සොයාගනු ඇත.
- 1883 දී හෙන්රිච් හර්ට්ස් පෙන්නුම් කරන්නේ කැතෝඩ කිරණ විද්‍යුත් ආරෝපිත ලෝහ තහඩු මගින් අපසරනය නොවන බවයි, කැතෝඩ කිරණ අංශු ආරෝපණය කළ නොහැකි බව (වැරදි ලෙස) පෙන්නුම් කරයි. පසුව (1892) දී ඔහු නිගමනය කළේ (වැරදි ලෙස) කැතෝඩ කිරණ යනු තරංගයේ යම් ආකාරයක විය යුතු බවයි, එම කිරණවලට තරංග කල්පිතයට සහය දැක්වීම සඳහා ඔහු ගන්නා ලෝහ තුනී තීරු විනිවිද යාමට හැකි බව පෙන්නුම් කරයි.
CRT හි ක්‍රියාකාරීත්වය
1850 ගණන් වලදී කැතෝඩ කිරණ සොයා ගන්නා ලදී. ඉලෙක්ට්‍රෝන පොස්පරස් වෙත වේගයෙන් මාරු වීම නිසා මෙම ඉලෙක්ට්‍රෝන කදම්භයන් කැතෝඩ විමෝචකයෙන් ආලෝකය ප්‍රචාරය කරයි.
කැතෝඩයක් යනු ඉලෙක්ට්‍රෝඩයක්, විද්‍යුත් සන්නායකයක් වන අතර එය ඉලෙක්ට්‍රෝන තුවක්කුවේ ව්‍යුහයේ කොටසකි. ෆොටෝ කැතෝඩයක් යනු සෘණ ආරෝපිත කැතෝඩයකි. ෆොටෝ කැතෝඩයක් සාදා ඇත්තේ විදුලිය හොඳින් ගෙන යන ආලෝක සංවේදී සංයෝග භාවිතා කරමිනි. ෆෝටෝනයක් හෝ ආලෝක ක්වොන්ටම් එකක් ෆොටෝ කැතෝඩයට වැදුන විට ඉලෙක්ට්‍රෝන නිදහස් වේ. මෙහෙයුම් මූලධර්මය පදනම් වී ඇත්තේ බාහිර ඡායාරූප විද්‍යුත් බලපෑමක් මත වන අතර එය සොයා ගැනීම හෙන්රිච් හර්ට්ස් වෙත ආරෝපණය කර ඇත.පොටෝකෝතෝඩයක් සාම්ප්‍රදායික කැතෝඩයකට වඩා වෙනස් වූ එක් එක් අවශෝෂණ ෆෝටෝනයක් සඳහා ප්රභාසංස්ලේෂණ ඉලෙක්ට්‍රෝන වල ඉහළ ක්වොන්ටම් අස්වැන්නකින් වෙනස් වේ.
පොස්පරස් යනු ආලෝකය අවශෝෂණය කර ලබා දෙන විශේෂ ද්‍රව්‍යයන් ය. පොස්පරස් ආලෝකයට ප්‍රතික්‍රියා කරන්නේ ඒ සමඟ ඇති තාපය නිසා නොව අවශෝෂණය කරන ලද ඉලෙක්ට්‍රෝන ශක්තියට දක්වන ප්‍රතික්‍රියාව හේතුවෙනි. කැතෝඩ විකිරණ පොස්පරස් සමඟ අන්තර්ක්‍රියා කිරීමේ තාක්ෂණය පසුව ඉලෙක්ට්‍රෝන-කදම්භ උපාංග තුළ සක්‍රීයව භාවිතා කිරීමට පටන් ගත්තේය. ඇතුළත සිට විනිවිද පෙනෙන නළයකට පොස්පරස් යොදනු ලැබේ. කැතෝඩ විමෝචකයෙන් නළය ශක්තිය ලබාගෙන බැබළෙන්නට පටන් ගනී. මෙම තාක්ෂණය විවිධ වර්ගයේ රූපවාහිනී ටියුබ් සහ වෙනත් ආකාරයේ කැතෝඩ කිරණ උපාංග නිර්මාණය කිරීමට භාවිතා කරයි.
ඉලෙක්ට්‍රෝන-කදම්භ වර්ගයේ වඩාත් ප්‍රසිද්ධ හා ජනප්‍රිය උපකරණය වන්නේ කිංස්කෝප් ය.පසුගිය සියවසේ (90) දශකය වන තුරුම මෙම කැතෝඩ කිරණ නළය නිෂ්පාදනය සහ මොනිටර වල බහුලව භාවිතා විය. CRT මඟින් ලැබුණු විදුලි සංඥා ආලෝකය බවට පත් කරයි. එය විද්‍යුත් චුම්භක අපගමනය වර්ගයක් ඇත. කදම්භය පොස්පරස් වලින් ආවරණය වී මතුපිටට දිස්වන විට දීප්තියක් ඇති කරයි.
මෙලෙස CRT නළයද රූපවාහිනිය බිහිවීම සඳහා තාක්ෂණික වශයෙන් විහාල ලෙස උපයොගී වූ බව මෙමගින් ගම්‍ය වේ.
ෆැක්ස් යන්ත්‍රය
ෆැක්ස් යන්ත්‍රය සොයා ගැනීම රූපවාහිනි ඉතිහාසය තුළ ඉතා වටිනා අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකිය.ඒ එක් ස්ථානයක ඇති රූපයක් තවත් තවත් ස්ථානයකට සම්ප්‍රේෂණය කිරීම පිළිබඳ මූලික අදහස පැමිණෙනුයේ මේ හරහාය. මෙම සංකල්පය රූපවාහිනිය බිහිවීම සඳහා වඩාත් වැදගත් වූ අදහසකි.
ඇලෙක්සැන්ඩර් බේන් ( Alexander Bain ) විසින් මෙම ෆැක්ස් යන්ත්‍රය ( Fax Machine) සොයා ගනු ලැබීය. ඇලෙක්සැන්ඩර් බේන් යනු බ්‍රිතාන්‍ය චිත්ත ධර්ම විද්‍යාව , වාග්විද්‍යාව, තර්කවාදය, සදාචාර දර්ශනය හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යන ක්ෂේත්රයන්හි ප්‍රවීණ හා නවීන චරිතයකි. ඔහු විසින් Mins නම් මනෝ විද්‍යාව හා විශ්ලේෂණය පිළිබඳ පළමු සඟරාව ආරම්භ කළේද මොහුය. එසේම මනෝ විද්‍යාව සඳහා විද්‍යාත්මක ක්‍රමයක් ස්ථාපනය කිරීම සහ අනුගමනය කිරීමෙහි ප්‍රමුඛයා බවට පත් වුයේද මොහුය. සමහර පුද්ගලයන්ගේ අදහසට අනුව " The Real Farther Of Television " යන නාමයද කියනු ලබයි. ඊට හේතුව ලෙස දක්වනු ලබන්නේ Scanning Concept එක නම් ස්කෑන් සංකල්පය හදුන්වාදීම පෙන්වා දිය හැක. රූපයක් පරිලෝකනය කිරීම හෙවත් එක් තැනක තිබෙන රූපරාමුවක් තවත් තැනකට පරිලෝකනය කිරීම යන සංකල්පය මේ තුළින් බිහි විය.
කෙසේ වෙතත් මොහු මෙම යන්ත්‍රය සඳහා 1843 මැයි 2 වන දින පේටන්ට් බලපත්‍රය ලබාගනු ලබයි. ඒ " Improvement in Producting and regulation electric currents and Improvments in timepiece and in electronic printing and signal telegraph " ( විදුලි ධාරාවක් නිපදවීමේ හා නියාමනයේ වැඩි දියුණු කිරීම යන කාලරාමු වල වැඩි දියුණු කිරීමේ සහ විදුලි මුද්‍රණ හා සංඥා විදුලි පණිවිඩ සඳහා ) යන පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට ඔහු සමත් විය.
ෆැක්ස් කිරීම හෝ ෆැක්ස් කිරීම සඳහා අර්ථ නිරූපණය කිරීම මඟින් දත්ත කේතනය කිරීමේ ක්‍රමයක් දුරකථන මාර්ගයක් හෝ ගුවන් විදුලි විකාශනයකින් එය සම්ප්‍රේෂණය කිරීම සහ දුරස්ථ ස්ථානයක ඇති පෙළ, රේඛා ඇඳීම් හෝ ඡායාරූප පිටපත් ලබා ගැනීම ලෙස අර්ථ ගැන්විය හැකිය.
මීට වසර කීපයකට පෙර සැමුවෙල් මොර්ස් විසින් ප්‍රථම සාර්ථක විදුලි පණිවිඩ යන්ත්‍රය නිර්මාණය කර ඇති අතර ෆැක්ස් යන්ත්‍රය ටෙලිග්රාෆ් තාක්ෂණයෙන් පරිණාමය වී එහි දිගුවක් ලෙස පැමිණ ඇත. මොර්ස්ගේ ටෙලිග්රාෆ් ක්‍රමය හරහා මිනිත්තුවක කාලයක් තුළදී වචන 40 ක් පමණ යැවිය හැකි වුවද ෆැක්ස් යන්ත්‍රය හරහා වචන 1000ක් පමණ යැවිය හැකි විය. ටෙලිග්රාෆ් යන්ත්‍රය දුරස්ථ ස්ථානයක පෙළ පණිවිඩයක් බවට විකාශනය වු ටෙලිග්රාෆ් වයර් ඔස්සේ Morse Code ( Dots and Dashes )
යැවුනු අතර ෆැක්ස් යන්ත්‍රයේ තාක්ෂණය ඊට තරමක් දියුණු වීය.
යැවුනු අතර ෆැක්ස් යන්ත්‍රයේ තාක්ෂණය ඊට තරමක් දියුණු වීය.
ෆැක්ස් යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය
ඇලෙක්සැන්ඩර්ගේ ෆැක්ස් යන්ත්‍රය තුළ පවතින ක්‍රියාකාරිත්වය ගත් කළ එහි සම්ප්‍රේෂක පෙන්සියුලමක් සවිකර ඇත. ස්ටයිස් ලෝහ මතුපිටින් පින්තූර ලබා ගත්තේය. ආධුනික ඔරලෝසු නිශ්පාදකයෙකු වන ඇලෙක්සැන්ඩර් මෙයින් ඔහුගේ ෆැක්ස් යන්ත්‍රය සොයා ගැනීම සඳහා ඔරලෝසුවේ යාන්ත්‍රික උපකරණ සහ ටෙලිග්රාෆ් යන්ත්‍රවලින් කොටස් එකතු කරගන්නා ලදි.
ඇලෙක්සැන්ඩර් මෙයින් පසු බොහෝ නව නිපැයුම්කරුවන් ෆැක්ස් යන්ත්‍රයේ උපකරණ නිපදවීම සහ වැඩි දියුණු කිරීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කළහ.
- 1850 දී ලන්ඩන් නිර්මාණකරුවකු වන බ්ලොක්වෙල් නම් වූ ඔහු “ටෙලිග්රාෆ් පිටපත්“ලෙස හැඳින්වූ පේටන්ට් බලපත්‍රයක් ලැබීය.
- 1860 දී (Patelegraph) නමින් හැඳින්වූ ෆැක්ස් යන්ත්‍රයක් පැරිස් හා ලයොන් අතර පළමු ෆැක්ස් යවා ඇත. පැන්ටෙල්ග්රාෆ් ජුවවානි කැෂෙලි විසින් නිර්මාණය කරන ලදී.
- 1895 දී, මිනෙනෝටා ශාන්ත පාවුළු ඔරලෝසුවා සිට අර්නස්ට් හම්මේල් විසින් ඔහුගේ තරඟකාරී උපකරණය නිපදවූ ටෙලිඩිගෙයෝ ලෙසින් නිර්මාණය කරන ලදී.
- 1902 දී ආචාර්ය ආතර් කෝනන් විසින් වැඩිදියුණු කරන ලද හා ප්‍රායෝගික ෆැක්ස්, ෆැටෝ ඉලෙක්ටි්රකල් පද්ධතියක් නිර්මාණය කරන ලදී.
- 1914 දී එඩියාර්ඩ් බෙලින් විසින් ඡායාරූපය සහ ප්රවෘත්ති වාර්තාකරණය සඳහා දුරස්ථ ෆැක්ස් සංකල්පය ස්ථාපිත කරන ලදී.
- 1924 දී පුවත්පත් ප්රකාශනය සඳහා දේශපාලන සම්මේලන ඡායාරූප දිගු දුර යැවීම සඳහා ෆේස්බුක් යන්ත්‍රය (ෆැක්ස් යන්ත්‍රයක්) භාවිතා කරන ලදී. ඇමරිකානු ෆැක්ස් සහ ටෙලිග්රාෆ් සමාගම (AT & T) විසින් එය දියුණු කරන ලදී.
- 1926 දී රේඩියෝ විකාශනය රේඩියෝ විකාශන තාක්ෂණය භාවිතා කරමින් රේඩියෝෆෝටය නිර්මාණය කරන ලදී.
- 1947 දී ඇලෙක්සැන්ඩර් මයිරේඩ් ඉතා සාර්ථක ෆැක්ස් යන්ත්‍රයක් නිර්මාණය කළේය.
මෙලෙස ෆැක්ස් යන්ත්‍රය සොයා ගැනීමත් සමග රූප සම්ප්‍රේෂණය කිරීම පිළිබඳ සංකල්පය අතර මෙය රූපවාහිනිය බිහිවීම සඳහා මෙය වශයෙන් විශාල ලෙස හේතු වූ බව මෙයින් විද්‍යාමාන වේ.
නිගමනය
සමාජිය වශයෙන් ගොඩ නැගුණු සංකීර්ණ සන්නිවේදන අවශ්‍යතා සපුරාලීම සඳහා රූපවාහිනිය මුල් කාලීනව බිහි විය. එය බිහිවීම සඳහා විවිධ පර්යේෂකයන්ගේ විවිධ අත්හදාබැලීම් පර්යේෂණ හේතු සාධක වු අතර සමාජිය වශයෙන් ආ බලපෑම් එම පර්යේෂණ සිඳු කිරිම සඳහා ඔවුන්ට උත්තේජනයක් ලබා දුන්නේය.
මෙලෙස රූපවාහිනිය බිහිවීම සඳහා ඓතිහාසික ල සමාජිය හා තාක්ෂණික හේතූන් බලපෑ බව ඉතා පැහැදිලිය. මෙහි සඳහන් කර ඇති එම සොයාගැනීම් අතරින් තෝරාගත් සොයාගැනීම් 04 ද ඉතා වටිනා සොයාගැනීම් වේ. නිපකොට් තැටිය සොයා ගැනීම ජෝන් ලොගී බෙයාර්ඩ් හට රූපවාහිනියක් නිපදවීමට බෙහෙවින් උපකාර වූ අතර කැතෝඩ් රේ ටියුබ් ( CRT ) මෙම නළයද රූපවාහිනිය මාධ්‍යයක් ලෙස බිහිවීමට බලපෑ අතර නූතනයේදී පවා මෙම ක්ඍඔ තාක්ෂණය භාවිතා කරනු ලබයි. එසේම ෆැක්ස් යන්ත්‍රය ( Fax Machine ) මඟින් රූපවාහිනිය බිහිවීම සඳහා මුලික සංකල්පය වන රූප සම්ප්‍රේෂණ ක්‍රියාවලිය සමාජය තුළ සංකල්පනාත්මක වෙනසක් ඉටු කිරීමට සමත් වු අතර සෙලනියම් මුලද්‍රව්‍යද බෙහෙවින් රූපවාහිනියේ ආගමනයට හේතු වු බව ඓතිහාසික ල සමාජිය හා තාක්ෂණික කාරණා ඔස්සේ පැහැදිලි කිරීමට මෙමඟින් හැකිය.
ඒ අනුව නූතනයේ පවා වැඩි වශයෙන් භාවිතාවන නවීන රූපවාහිනිය බිහිවීමට මෙම කාරණා ඉතා විශාල වශයෙන් හේතු වු බව මැනවින් පැහැදිලි කිරීමට පුළුවන. මෙලෙස රූපවාහිනිය සංහතික මාධ්‍යයක් ලෙස බිහිවීමට ඓතිහාසික , සමාජිය හා තාක්ෂණික කාරණා හේතු වු බව මෙමඟින් ගම්‍ය වේ.
පසිදු නයනජිත්
(ශ්‍රීපාලි මණ්ඩපය, ජනමාධ්‍ය අධ්‍යනාංශය,දෙවන වසර)

.jpeg)


.jpeg)
.jpeg)

.jpeg)

No comments:
Post a Comment