ජන සන්නිවේදන මාධ්‍ය අතර පුවත්පතට සුවිශේෂී ස්ථානයක් හිමි වේ.පුවත්පත යනු සමාජයේ මතය ගොඩනැගීමට හා තොරතුරු සම්ප්‍රේෂණය කිරීමට යොදා ගත හැකි ප්‍රබල මාධ්‍යකි.පුවත්පතක් යනු සරලව හැදින්වූ විට සමාජයේ සිදුවන සිදුවීම් තොරතුරු ඇතුළත් කරමින් යම්කිසි පුද්ගල පිරිසක් ඉලක්ක කර ගනිමින් ප්‍රකාශයට පත් කරන ලිඛිත මුද්‍රණයකි.අතීතයේ දී මිනිසුන් අදහස් හුවමාරු කර ගැනීමට මිනිසුන් විසින් යොදා ගනු ලැබූ විවිධ මාධ්‍ය අතර තාක්ෂණයේ දියුණුව සමග බිහි වූ ප්‍රබල සන්නිවේදන මාධ්‍යක් ලෙස පුවත්පත හැදින්විය හැකිය.ජෝන් බට්නර් නම් පුවත්වත් කලාවේදියා පුවත්පතේ ස්වරුපය පිළිබදව මෙලෙස දක්වයි
මෙම පුවත්ලිපි වැඩි වශයෙන් ප්‍රකාශයට පත් කරන
ලද්දේ වාණිජ කටයුතු වල නිරත වූ පුද්ගලයන් විසිනි.ඔග්ස්බර්ග් (Augsburg) “ෆගර්” (Fugger) නමැති පවුල විසින් පුවත්පතක් පවත්වා ගෙන යනු
ලැබිය.එංගලන්තයේ දී මුද්‍රණය කරන ලද පුවත් පත්‍රිකාවක සාමාන්‍යයෙන් අඩංගු වුයේ
යුද්ධයක් , අනතුරක් හෝ පොදු උත්සවයක් වැනි එක මාතෘකාවක් පමණි.මෙයට දැක්විය හැකි
පැරණිතම උදාහරණය වන්නේ 1513 දී “ෆ්ලොඩන්” (Flodden) සටනේ දී ස්කොට් ජාතිකයන් පරාජය කොට ඉංග්‍රීසින්
ජයග්‍රහණය කිරීම පිළිබද ඇසින් දුටු සාක්ෂියක් ලෙස දැක්විය හැකිය.
17 වන සියවසේ මුල් කාලයේදී ජර්මනියේ පුවත්පත් දෙකක් නිකුත් විය.ඉන් එක පුවත්පතක් ස්ට්‍රාස්බර්ග්හි 1605 දී මුලින්ම පල විය.එය රිලේෂන් නමින් හැදින්විය.1609 දී වුල්ෆන්බූටල්හි පල වූ පුවත්පත ඒවිසා රිලේෂන් ඕඩර් සයිටුන් යන නමිනි.යුරෝපයේ දිනපතා පළ වූ පළමු පුවත්පත වුයේ 1650 දී ජර්මනියේ ලයිප්සිග්හි නිකුත් කළ අයින්කොමෙන්ඩේ සයිටුන්ජන් නමැති පුවත්පත වේ.එය ලයිප්සිග්හි පළ වූ පිටු හතරකින් යුත් සාක්කු ප්‍රමාණයේ මුල්ම පත්තරය වේ.මෙම පුවත්පත පිරි පැවතියේ තැනින් තැනින් ගත් තොරතුරු වලින්ය.කෙසේ වෙතත් 17 වන සියවසේ පළමු දශක දෙකේදී ජර්මනිය , ඉතාලිය , නෙදර්ලන්තය වැනි රටවල අඩු වැඩි වශයෙන් නිත්‍ය පුවත්පත් මුද්‍රණය විය.1620 දී “Amastradams”හි ප්‍රකාශයට පත් වූ ප්‍රංශ සහ ඉංග්‍රීසි පරිවර්තකයන්ට මුලාශ්‍රය වුයේ විදේශීය සගරා වලින් උපුටා ගත් කරුණුය.එලෙස උපුටා ගන්නා ලද කරුණු වලින් Corantos සහ Currents of News මුල් තැන ගනු ලබයි.
මෙම කාල වකවානුවේ දී ප්‍රාථමික පුවත්පත් යුරෝපයේ
දක්නට ලැබුණි.ජපානයේ ටෝකුගාවා කාල සමයේ දී විවිධ සමාජ තොරතුරු ඇතුළත් පුවත්පත්
බිහි විය.ලන්ඩනයේ ප්‍රථම පුවත්පත ලෙස හදුන්වනු ලබන්නේ 1621 දී බිහි වූ කොරෑන්ටෝස්
පුවත්පතයි.ප්‍රථම ඉංග්‍රීසි දිනපතා පුවත්පත ලෙස සලකනු ලබන්නේ 1702 සිට 1735 වන
තුරු ප්‍රකාශයට පත් වූ The
Daily Courant නම්
පුවත්පතයි.මෙම කාලයේදී පුවත්පත් රචකයන්ට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ සිදු වූ
තොරතුරු වාර්තා කිරීමට ඉඩ නොලැබුණි.මෙම කාල වකවානුව වන විට පළ වූ උසස් ගණයේ
පුවත්පතක් ලෙස සලකනු ලබන්නේ John Walter විසින්
1785 දී ආරම්භ කරන ලද The
Times
පුවත්පතයි.බ්‍රිතාන්‍ය ඉතිහාසයේ ප්‍රධාන සන්ධිස්ථානයක් බවට 1791 දී ආරම්භ වූ The Observer
පුවත්පත බිහි වීම දැක්විය හැකිය.
ජර්මනියේ පැවති යුද්ධය නිසා 1618 – 1648 අතර කාල වකවානුව තුළ ප්‍රාථමික මට්ටමේ පුවත්පත් විශාල වශයෙන් පසු බැස්මකට ලක් වන්නට විය.මේ කාල සිමාව තුළ යුරෝපයේ වාරණ නීතියද ක්‍රියාත්මක විය.පුවත්පත් නිදහස සහතික කරන ලද පළමු නිතිය 1766 දී ස්වීඩනයේ දී සම්මත විය.1771 දී ආරම්භ වූ Journal De Paris නම් පුවත්පත ප්‍රංශයේ ප්‍රථම දිනපතා පුවත්පත ලෙස හදුන්වනු ලැබේ.Journal Des Debats නම් 1789 දී ආරම්භ කල පුවත්පත දෙවන ලෝක යුද්ධය අවසන් වන තෙක් ප්‍රකාශයට පත් විය.ප්‍රංශයේ ජාතික රාජ්‍ය සභා වාර්තා කිරීම අරමුණු කරගෙන මෙම පුවත්පත ආරම්භ වූ අතර ප්‍රංශ විප්ලවය ආරම්භ වූ කාල වකවානුවේදී පුවත්පත් ප්‍රකාශය බහුල වශයෙන් සිදු විය.
Public Occurrences Both Foreign and Domestick නම් පුවත්පත ඇමරිකා එක්සත් ජනපදයේ පළමු වන
පුවත්පත ලෙස හදුන්වනු ලැබේ.1690 සැප්තැම්බර්මස බොස්ටන් නුවරදී මෙම පුවත්පත ආරම්භ
වී මුල්ම පුවත්පත ආරම්භ වී මුල්ම පිටපත ප්‍රකාශයට පත් වීමෙන් පසු පළ කිරීම නතර
විය.යටත් විජිත ආණ්ඩුකාරවරයා විසින් පනවන ලද තහනම් නියෝගය එයට හේතු විය.1704 දී
නැවතත් පුවත්පත් ආරම්භ කිරීමට අවසර ලබා
දුන් අතර සති අන්ත ප්රකාශනයක් ලෙසින් Boston News Letter පත්‍රිකාවක් ලෙසින් බෙදා හරින ලදී.මෙම පුවත්පත
ජනපද වල දිගින් දිගටම මුද්‍රණය වූ ප්‍රථම සහ පැරණිතම පුවත්පත ලෙසින් හදුන්වනු
ලබයි.
කාන්තා අයිතීන් වෙනුවෙන් මෙන්ම වහල් මෙහෙයට එරෙහිව කටයුතු කල Horace Greely විසින් New York Tribuneනමින් 1841 දී ස්වාධින පුවත්පතක් ආරම්භ කිරිය.The New York Times පුවත්පත ආරම්භ වුයේ New York Tribune පුවත්පත ප්‍රකාශයට පත් වී වසර 10 කට පසුවය.19 සියවසේ මැද භාගයේ දී ඇමරිකාවේ දිනපතා පුවත්පත් 400 ක් සහ සතිපතා පුවත්පත් 3000 ක් ප්‍රකාශයට පත් විය.1848 නිව්යෝර්ක් ප්‍රකාශකයන් එක්සත් පුවත් ආයතනය මගින් පුවත් එකතු කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරිය.පුවත්පත් සදහා විදේශ පුවත් සැපයීමේ සේවාවක් 1858 ලන්ඩනයේ ජිවත් වූ Paul J Reuter විසින් ආරම්භ කිරිය.1883 දී World පුවත්පතේ හිමිකරු වූ Joseph Pulitzer සහ 1895 දී ප්‍රකාශයට පත් වූ Journal American නම් පුවත්පතේ හිමිකරු වූ William Randolph Hearst අතර නිව්යෝර්ක් නගරයේ දී තරගකාරිත්වයක් ඇති විය.මේ නිසා බිහිසුණු සහ හැගීම්බර පුවත් වාර්තා වීම වැඩි විය.මෙම තත්ත්වය Yellow Journalism නමින් හදුන්වයි.මේ කාල වකවානුවේ දී බටහිර යුරෝපයේ බිහි වූ පුවත්පත් වල මුලිකත්වයක් ලබා දී තිබුණේ දේශපාලනික සහ අධ්‍යාපනික අදහස් වලටය.1896 ලන්ඩන් නුවරදී Alfred Harmsworth විසින් ජාතික පුවත්පතක් ලෙස Daily Mail පුවත්පත ආරම්භ කිරිය.මොහු විසින්ම 1903 දී Daily Mirror නමින් පළ වූ ටැබ්ලොයිඩ් පුවත්පත හදුන්වා දිය.1919 දී New York Daily News නමින්පුවත් ඇමරිකාවේ පළමුවන ටැබ්ලොයිඩ් පුවත්පත බිහි විය.මෙම පුවත්පතේ ආරම්භකයා වුයේ ජෝශප් මෙඩ්ල් පැටර්සන්ය.මෙම පුවත්පත තුළ ලිංගික හැගීම් අවුළුවන පුවත් බහුල වශයෙන් ඇතුළත් විය.
පුවත්පත් නිර්මාණය සඳහා භාවිත කළ දෑ
පුවත්පතේ ඓතිහාසික විකාශනය පිළිබඳ අධ්‍යනය කිරීමේදී
17වන ශතවර්ශයේ සිට වර්තමානය
දක්වාම පැවත එන මුද්‍රිත සන්නිවේදනයට පෙර සිටම ලෝකයේ
ලේඛන කලාවක් පැවතී ඇති බවට
සාක්ෂි ඇත. පුවත්පතේ ආරම්භයට හා විකාශනයට අක්ෂර කලාවක් සොයා ගැනීමත් ලේඛන කලාවේ කලාවේ ආරම්භයත් මුද්‍රණය පිළිබඳ සොයා ගැනීමත්
ඉතාමත් වැදගත් විය. ලොව පැරණිතම අක්ෂර සොයාගෙන ඇත්තේ මෙසපොතේමියානු වැසියන් විසිනි. ඒවා කුන්ය අක්ෂර නමින් හඳුන්වා දී ඇත. මෙම අක්ෂරය ලිවීමට භාවිතා කරන ලද්දේ මැටි වලින්
සාදන ලද පුවරුය. ලේඛන කලාවේ ආරම්භය මැටි පුවරු
මඟින් සිදු වී ඇත. ප්රවෘත්ති ප්රකාශනය හා බැඳුණු සංසිද්ධීන් වර්ෂ 2000කට අධික පූර්ව යුගයකට, එනම් අවම වශයෙන් ක්‍රි.පූ. 59 දක්වා දුරාතීතයක සිට වාර්තා වේ.
ක්‍රි. පූ. 59 දී රෝමයේ ප්‍රකාශයට පත් කෙරුණු ජුලියස් සීසර්ගේ විධානයන් මත නගරය පුරා බෙදාහැරුනු ලැබූ ඇක්ටා ඩියුර්නා (Acta diruna) නම් පුවත් විස්තර පත්‍රිකාව පුවත්පත් මාධ්‍යයේ මූලික අවස්ථාව සනිටුහන් කරයි. එයද වහලුන් සිය ගණනක් යොදා ගනිමින් තෙත මැටි පුවරු මත ලියා නගරයේ ප්‍රදර්ශනය කරන ලදී. මේ ආකාරයට යකඩ පුවරු මත ද ලේඛන කලාව ව්‍යාප්ත වී ඇති අතර එයට තඹපත්, රන්පත් ආදිය සාක්ෂි සපයයි. නමුත් පුවත්පත් විකාශයට යකඩ පුවරු හෝ තහඩු බහුල වශයෙන් භාවිතයට ගෙන නැත. යමක් ලියා තැබීමට ගල් පුවරු භාවිත කළ අතර ඒවායෙහි ලියා තැබුවේ යම් සටහනකි. ස්ථිර වශයෙන් සදාකාලයට ම සඳහන් කළ යුතු දෑ මේවායෙහි සටහන් කරන ලදී. ඒ සදහා ගල් කණු කදිම නිදසුන්ය. ක්‍රි. ව. 105 දී චීන ජාතික සායි ලූන් විසින් කඩදාසි තැනීමේ ප්‍රතිඵලයක් ලෙස මුද්‍රණ ශිල්පය ලොවට දායාද විය. ක්‍රි.ව. 175 පමණ වන විට චීනයේ බ්ලොක් මගින් පිටපත් ලබා ගැනීම ඉහළ මට්ටමක පැවතුණු බව සඳහන්ය. කඩදාසි මත මුද්‍රණය කිරීම අතින් ලිවීම ආදිය නිසා මුද්‍රිත සන්නිවේදනයේ සීඝ්‍ර වර්ධනයක් මෙකල දැකගත හැකිවිය.
කාර්මික
විප්ලවයේ ප්‍රතිඵලයක් වශයෙන් 17වන සියවසේදී ජොහැන්නස් ගුටෙන්බර්ග් මුද්‍රණ යන්ත්‍රය සොයා ගැනීම සන්නිවේදනය නව මානයන් සොයා යන්නට සමත් විය. මුද්‍රණ යන්ත්‍රයේ සොයාගැනීමත්
සමඟ ලොව මුල්ම සංහතික මාධ්‍ය වන පුවත්පත, විධිමත් පළ වූ අතර වත්මන දක්වාම කඩදාසි මත මුද්‍රණය කරන ලද පුවත්පත් සන්නිවේදනයේ මහඟු කාර්යභාරයක් ඉටු කරමින් සිටියි.
නව ප්රවණතාවයන් සහ තාක්ෂණයේ දියුණුව නිසාම
අද වන විට අන්තර්ජාලය ඔස්සේ පුවත්පත් පළ වීම දැකගත හැකිය. මැටි පුවරු, යකඩ තහඩු, කඩදාසි මත මෙන්ම වර්තමානයේ අතත්‍ය අවකාශයේද තොරතුරු සම්පාදනයේ සුවිශේෂී
කාර්යභාරයක් පුවත්පත් මගින් සිදු කරනු ලැබේ.
පුවත්පතේ
සමාජ හා දේශපාලන පසුබිම.
වර්තමානයේ විවිධ ජනමාධ්‍ය මෙවලම් භාවිතයේ පැවතිය ද ලෝකයේ බිහි වූ ප්‍රථම ජන මාධ්‍යය
වන්නේ පුවත්පතයි. ලෝක පුවත්පත් කලාවේ සමාජ දේශපාලන පසුබිම පිළිබඳව සලකා බැලීමේදී
විශේෂයෙන්ම මෙහි ඉතිහාසය යුග හතරකට ගොනු කළ හැකියි.
එනම්,
- ප්‍රාථමික යුගය
- මධ්‍යම යුගය
- නව යුගය
- නව තාක්ෂණික යුගය වශයෙනි.
බ්‍රිතාන්‍ය විශ්ව කෝෂයේ සඳහන් පරිදි ක්‍රිස්තු පූර්ව 600 දී චීනයේ "හන් රාජ වංශය" යුගයේ ප්‍රකාශිත"තී පාඩ්" ලෝකයේ මුල්ම පුවත්පත වන අතර, එහිදී මුළු අධිරාජ්‍යයේම තොරතුරු එක්රැස් කර ඇත. එහිදී යුද ජය ජයග්‍රහණ, රජවරුන්ගේ මරණ, නව රජ රජවරුන්ගේ පත්වීම්, රජවරුන්ගේ වැදගත් නියමයන් මහජනයාට දන්වා තිබේ.
ජොහැන්නස් ගුටෙන්බර්ග් විසින් මුද්‍රණ යන්ත්‍රය
සොයා ගැනීමත් සමඟ යුරෝපයේ මුද්‍රණ කාර්යය ඇතිවිය. සකලවිධ පත්‍රිකා විවිධ
භාෂාවලින් බෙදා හැර ඇති අතර ඒවාට පාඨක පිරිස් ද නිර්මාණය වී තිබේ. ජර්මනියේ,
ප්‍රංශයේ සහ ඕලන්දයේ එම පත්‍රිකා පළවී ඇති අතර ඒ තුළ විවිධ
දැන්වීම්, දේශපාලනික තොරතුරු පළ කර ඇත. ඉතාලියේ මුද්‍රණයෙන්
පළ වූ ප්‍රථම පුවත්පත සතිපතා කලාපයක් ලෙස 1639 දී ආරම්භ
වී ඇති අතර ක්‍රමයෙන් ඉදිරියට පැමිණි ඉංග්‍රීසි පුවත්පත් වලට 17 වැනි ශතවර්ෂයේ මැද භාගය වන විට දැඩි සීමා කිරීම් වලට මුහුණ පාන්නට
සිදු වී ඇත. "ඩියුනරල්" යනුවෙන් හැඳින් වූ මුල් යුගයේ ඉංග්‍රීසි
පුවත්පත් යුරෝපය පුරා පැතතිරුණු ප්රවෘත්ති සොයාගෙන පළකර ඇති අතර ඒ සමඟ ඇමෙරිකාවේ සහ
ආසියාවේ සිදුවන සිද්ධීන් ද අතරින් පතර පළ කර තිබේ. එහෙත් තම රට තුළට අදාල පුවත් පළ
කිරීමේ දී ඒවාට බාධා එල්ල කිරීමට රජයේ බලධාරීන් නිරන්තරයෙන් උත්සාහ ගන්නා ලදී. ඒත්
සමග එවැනි මුද්‍රණාල වලට දැඩි අණපනත් පැනවීමට ද පාලකයන් පියවර ගත්තේය. ඒ නිසාම රට
තුළට අදාල පුවත් පල කිරීම සඳහා වෙනම බලපත්‍රයක් ලබාගැනීම අනිවාර්ය විය. රජයේ නිල
නිලධාරීන්ගේ කමැතමැත්තට පාත්රවන ප්රවෘත්ති එම පුවත්පත්වල පළ වුවහොත් එම බලපත්‍රය
අහෝසි කිරීමට ලක්විය.
ඔලිවර් ක්රොම්මෙල් ගේ නායකත්වයෙන් පැවති
පාර්ලිමේන්තුව පළමුවැනි චාල්ස් රජු සමඟ ප්‍රශ්න මතු කර ගෙන තිබියදී එංගලන්තයෙ
පුවත් වලට විශේෂ තැනක් ලැබී තිබිණි. චාල්ස් රජු ගේ අධිකාරී බලය හීන වීමත් සමඟ
උනන්දුවක් ඇති කරගත් එංගලන්තයේ පුවත්පත් ආයතන තම රටෙහි දේශපාලන සිද්ධීන් පිළිබඳව
තොරතුරු නිදහසේ පළ කරන ලදී. එම පුවත් දැනගැනීමට රට වැසියන් මහත් උනන්දුවක් දක්වා
ඇත. පුවත්පත් නිදහස පිළිබඳ මතිමතාන්තර ජනතාව වෙතින් මුලින්ම ඉදිරිපත් වීමට පටන්
ගන්නේද මෙම කාල සීමාව තුළයි.
පුවත්පත් ආරම්භයට බලපෑ හේතු
වර්තමානය
වන විට ලේසර් මුද්‍රණ ක්‍රමය දක්වා දියුණුව ඇති මුද්‍රණ ශිල්පය විවිධ ලේඛන ලොව
පුරා පැතිරවීමේ අවශ්‍යතාවය මත බිහි විය.වෙනත් බොහෝ කලාවන්ට මෙන්ම මුද්‍රිත කලාව
ආරම්භ වීමට ද ප්‍රබල අනුබලයක් වූයේ ආගමික ආභාශයයි.ආරම්භක සමයේදී මුද්‍රණ ශිල්පය
හඳුන්වන ලද්දේ සකල කලාවන් ගේ කලාවන්ගේ ආරක්ෂක කලාව වශයෙනි.සියලු කලාවන් හා සමග ආශ්රිත
කරුණු සම්භාරය මුද්‍රණ ශිල්පය මගින් ප්‍රකාශ කළ හැකි වූ නිසා එලෙස හඳුන්වා දී ඇත.
මෙලෙස
ආරම්භ වූ මුද්‍රණ ශිල්පයේ දැවැන්තයා ලෙස හඳුන්වනු ලබන්නේ පුවත්පත් මාධ්‍යයි.
එදිනෙදා සිදුවීම් පිළිබඳ ආරංචි,දැන්වීම් හා අදහස්, උපදෙස් ආදිය ඇතුළත් වූ දිනපතා,සතිපතා හෝ වාරිකව
සිදු කරනු ලබන ප්රකාශනයක් ලෙස පුවත්පත සරලව අර්ථ දැක්විය හැකිය.මුද්‍රිත මාධ්‍ය
අතර පැරණිතම මාධ්‍ය ලෙස පුවත්පත හැඳින්වේ. පුවත්පත ආරම්භ වීමේ ප්‍රධාන අරමුණ වනුයේ
කරුණු දැන ගැනීමයි. එදිනෙදා සමාජයේ සිදුවන සිදුවීම් විස්තරාත්මකව මහජනයා වෙත සමීප
කිරීමේ පැරණිම මාධ්‍යයක් ලෙස පුවත්පත හැඳින්විය හැකිය.පුවත්පත් ලොව මුලින් ම පහළ
වූයේ රජයේ නිළ නිවේදන ලෙස ය. ක්‍රිස්තු පූර්ව 59 වන වර්ෂයේ දී
රෝමයෙහි "ඇක්ටා ඩියුර්නා'"(Acta
Diurna) පුවත්පත් කලාවේ
මුල්ම සිහිවටනය වේ. "ඩියුර්නා" (Daily Acts) යනු දින දිනපතා
යන්නයි.මේවායේ දේශපාලන, සමාජ සිද්ධිය
ඇතුළත්ව තිබිණි. මධ්‍යකාලීන යුගය අවසානයේ අතින් ලියා බෙදා හරිනු ලැබූ පුවත් ලිපි
වලද දේශපාලන සමාජ සිද්ධි අඩංගු වී ඇත. මෙම පුවත්ලිපි බහුල වශයෙන් ප්‍රකාශයට පත්
කරන ලද්දේ වාණිජ කටයුතුවල යෙදෙන පුද්ගලයන් විසිනි."ඔග්ස්බර්ග්"හි
"ෆගර්" නමැති පවුල විසින් ප්රවෘත්ති පත්‍රයක් පවත්වාගෙන යනු ලැබිණි.
එංගලන්තයේ දී මුද්‍රණය කරන ලද පුවත් පත්‍රිකාවක සාමාන්‍යයෙන් අඩංගු වූයේ
යුද්ධයක්, විපතක් නැතහොත් පොදු උත්සවයක් වැනි එක් මාතෘකාවක් පමණි. මේ සම්බන්ධයෙන්
ඇති පැරණි ම උදාහරණය වන්නේ 1513 දී "ෆ්ලොඩන්" (Flodden) සටනේ
දී ස්කොට් ජාතිකයන් පරාජය කොට ඉංග්‍රීසින්
ජයග්‍රහණය කිරීම පිළිබඳ ඇසින් දුටු සාක්ෂියකි. 17 වැනි සියවසේ
පළමු දශක දෙකේ දී අඩු වැඩි වශයෙන් නිත්‍ය පුවත්පත් මුද්‍රණයක්
ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය වැනි රටවල
දක්නට ලැබිණි. 1620 තරම් ඈත කාලයේදී
ඇම්ස්ටර්ඩෑම් හි ප්‍රකාශයට පත් වූ ප්‍රංශ හා ඉංග්‍රීසි පරිවර්තකයන්ට මූලාශ්‍රය
වූයේ විදේශීය සඟරාවලින් උපුටාගත් කරුණු වලින් යුත් ඕලන්දයේ "කොරැන්ටොස්"
(Corantos)
"කරන්ට්ස් ඔෆ්
නිව්ස්"(Currents of news) මුල්තැන
ගනී. මේ වන විට තවත් ප්‍රාථමික පුවත් පත් යුරෝපයේ දකින්නට ලැබිණි. ජපානය "ටොකුගාවා" සමයේදී විවිධ සමාජ
තොරතුරු ඇතුළත් පුළුල් පත්‍ර පළවී ඇත.
වර්තමාන ලෝක ජන ජනගහනය කෝටි 600 ද ඉක්මවා ගොසිනි. මෙම ජන සංඛ්‍යාව
සඳහා මුද්‍රණය කෙරෙන පුවත්පත් සංඛ්‍යාව ද සුළුපටු නොවේ. අද මෙන් මීට ශත වර්ෂ
කිහිපයකට පෙර පුවත්පත් සුලබ නොවුව ද එදා පැවති ජන අවශ්‍යතා සපුරාලීමට එය ප්‍රමාණවත්
විය. මීට වසර 1300 කට පමණ පෙර චීනයේ
බිහිවූ ප්‍රථම පුවත්පත "චින්ග්
පාඨ" නමින් හැඳින්විනි. පිටු සහිත පුවත්පත් ක්ෂණිකවම බිහි නොවුනි. එය රාජ්‍ය තොරතුරු, නිවේදන, දැන්වීම් ඇතුලත් පත්‍රිකා
ලෙසින් අතීතයේ දී නිකුත් විය. අධික ඉල්ලුම නිසා ක්‍රමයෙන් එම පත්‍රිකා වැඩිපුර
බිහිවීමත් සමග පිටු ගණනක් සහිත පුවත්පත බිහි වීමට පදනම වැටුණි. පුවත් ලිපි, දැන්වීම්, පත්‍රිකා ඔස්සේ
අතීතයේ දී බටහිර රටවල ප්රවෘත්ති සැපයිනි.එක කියවීමට දත් පිරිස් පුවත්ලිපි දැන්වීම් පත්‍රිකා කියවා
එහි අරුත් අන් අයට වටහා දුනි. මෙම පත්‍රිකාවේ කියවූ ප්‍රභූ පිරිස් ඒ පිළිබඳ වාද
විවාද පවා කළහ. චීනයේ අද පවා භාවිතා වන "බිතුපත" අරුත් ගන්වන
"වෝල්පේපර්" මෙබඳුම ක්රමයකි. 1556 දී පමණ මුද්‍රණය කර
වැනිසියේ දී බෙදා හරින ලද දැන්වීම් හා නිවේදන ඇතුළත් මෙම පත්‍රිකාවන්ට ඉල්ලුම
වැඩිවන විට වැඩි වශයෙන් මුද්‍රණය ද කෙරිණි..
1621 දී ලන්ඩනයේ මුල් ම ඉංග්‍රීසි
පුවත්පත වශයෙන් සැලකෙන "කොරැන්ටොස්" බිහි විය. වර්ෂ 1618 සිට 1648 දක්වා පැවති තිස්
අවුරුදු යුද්ධය නිසා ජර්මනිය පුරා ප්‍රාථමික මට්ටමේ පුවත්පත් විශාල වශයෙන්
පසුබෑමකට ලක් විණි. මේ කාලය වන විට යුරෝපාකරය පුරාම පොදුවේ විවිධ අන්දමේ වාරණයන්
පැනවී තිබුණි. 1766 දී පුවත්පත් නිදහස්
සහතික කරන පළමු නීතිය සම්මත කැරුණේ ස්වීඩනයේ දීය. ප්‍රංශයේ පළමු වැනි දිනපතා
පුවත්පත් වශයෙන් සැලකෙන "ජර්නල් ඩී පැරිස්" පුවත්පත ආරම්භ වුණේ 1771 දී ය. 1789 ඇරඹුණු
"ජර්නල් ඩෙස් ඩිබෙට්ස්" පුවත්පත දෙවන ලෝක යුද්ධය අවසාන වන තුරු ප්‍රකාශයට
පත් විණි. ප්‍රංශයේ ජාතික රාජ්‍ය සභාව වාර්තා කිරීම් අරමුණු කරගෙන මේ පුවත්පත
ආරම්භ වී ඇත. ප්‍රංශ විප්ලවය ආරම්භ වූ සමයේ එරට බහුල වශයෙන් පුවත්පත් ප්‍රකාශයට
පත් වෙමින් පැවැතිණි . විප්ලවය අවසන් වීමත් සමඟ ප්‍රකාශයට පත් වූ පුවත් පත් සංඛ්‍යාව
බෙහෙවින් අඩුවන්නට විය. ඇමරිකා එක්සත් ජනපදය පළමුවන පුවත්පත වශයෙන් සලකනු ලැබුවේ
"පබ්ලික් ඔකරන්ස් බෝත් ෆොරින් ඇන්ඩ් ඩොමෙස්ටික්" පුවත්පත යි. 1690 සැප්තැම්බර් මස
බොස්ටන් නුවර දී මෙම පුවත්පත ආරම්භ වී
මුල්ම පිටපත ප්රකාශයටයට පත්වීමෙන් පසු පළකිරීම නතර විය. 19 වැනි සියවසේ මුල් භාගයේ දී පොදුවේ සැම පුවත්පතක් ම බෙදා හැරීම දහස්
ගණනින් අඩු වී තිබිණි. විද්‍යා තාක්ෂණයේ ඉදිරි සටහන් සමඟ පුවත්පත් බෙදා හැරීම ක්‍රමයෙන්
ඉහළ නැගෙන්නට විය. අධිවේගී මුද්‍රණය, විදුලි ටෙලිෆෝන් ක්‍රමය, දුරකථන ක්‍රම, දුම්රිය ප්‍රවාහනය
වැඩි වීම මෙයට හේතුවිය. ඇමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ පුවත්පත් වල මූලිකත්වය ඇතිව, පුවත්පත් ප්‍රමාණයෙන් පුළුල් වීම හා මිල අඩුවීම සිදු විණි. නිදසුනක්
වශයෙන් 1815 දී "ද ටයිම්ස්" පුවත්පත පැන්ස හතකට තිබියදී 5,000ක් බෙදා හරිනු ලැබිණි.
19 වැනි සියවසේ මැද භාගය වන විට පැන්ස පහක් වූ ද ටයිම්ස් පුවත්පතේ පිටපත් 50,000ක් දක්වා බෙදා හරිනු ලැබිණි.1833 වන විට ඇමෙරිකාවේ
දී ප්‍රකාශයට පත් වූ "සන්" පුවත්පත එසේ සාර්ථක බවක් ගෙන තිබිණි.
ඉන් දෙවසරකට පසු ජේ.ගෝඩ්න් බෙනට් විසින්
"නිව්යෝර්ක් හෙරල්ඩ්" පුවත්පත ආරම්භ කරන ලදී. නූතන පුවත්පත් කලාවේ බොහෝ
අංශ ඔහු විසින් හැඩගස්වනු ලැබිණි.විශේෂයෙන් පුළුල් ආවරණ හා විනෝදාත්මක ආවරණ එයට
ඇතුළත් විය.කාන්තා අයිතීන් වෙනුවෙන් හා වහල් මෙහෙයට එරෙහිව සටන් කළ හොරේස් ග්රිලේ
"නිව්යෝර්ක් ට්‍රිබියුන්" නමින් ස්වාධීන පුවත්පතක් ආරම්භ කළේ 1841 දී ය."ද නිව්යෝර්ක් ටයිම්ස්" පුවත්පත ආරම්භ වුණේ
"නිව්යෝර්ක් ට්‍රිබියුන්" පුවත්පත් ප්‍රකාශයට පත්වී වසර 10 කට පසුවය.19 වැනි සියවසේ මැද
භාගය වන විට ඇමරිකාවේ දින දිනපතා පුවත්පත් 400ක් හා සතිපතා
පුවත්පත් 3000ක් ප්‍රකාශයට පත් විණි.
20 වන සියවසේ දී ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාව ආරම්භ විය.ඒ ක්‍රි.ව. 1832 දී මුද්‍රණය කරනු ලැබූ "කලම්බු ජර්නල්" පුවත්පතත් සමඟයි.මේ වන
විට සිංහල පුවත්පත් මහජනයා පිළිගත් රට තුළ ව්‍යාප්ත වූ ජන මාධ්‍යයක් බවට පත්
වෙමින් තිබිණ.පුවත්පත් මඟින් ලැබිය හැකි ප්‍රයෝජනය පිළිබඳව සිංහල පාඨකයන් ද එයින්
සැලසිය හැකි සේවාවක් පිළිබඳව පත්‍ර කර්තෘවරුන් ද දැන් සිටි බව කිව යුතු ය.
එච්.එස්. පෙරේරාගේ කර්තෘත්වය 1909 දෙසැම්බර් 17 වනදා ආරම්භ වූ දිනමිණ පුවත්පතෙන්
ඒ බව තහවුරු වේ.සිංහල ජාතිය හා බුද්ධාගම මුල් මුල්කරගත් ජාතිකවාදී හැඟීම්
සිංහල බෞද්ධ ජනතාව අතර කාවැදී තිබීම නිසා සිංහල බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමේ
වැදගත්කම,
1906 ඇරඹි සිංහල බෞද්ධයා සහ 1910 සිංහල ජාතිය වැනි පුවත්පත් මගින් අවධාරණය කෙරිණි.අනගාරික ධර්මපාල තුමාගේ
මූලිකත්වයෙන් ලංකා මහාබෝධි සමාගම මගින් සිංහල බෞද්ධයා පුවත්පත ආරම්භ කරන ලදී. 1914 දිනමිණ පත්‍රය මිලයට ගෙන සිංහල
පුවත්පත් පළ කිරීමේ කාර්යයට පිවිසි ඩී.ආර්. විජයවර්ධන මහතා රට තුල නව දේශපාලන නායකත්වයකට අවශ්‍ය පසුබිම ඇති කිරීමට
මෙන්ම ලංකාවට නිදහස ලබාගන්නට පුවත්පත් යොදාගෙන තිබේ.පසුව කොළඹ ලේක්හවුස් ආයතනය පිහිටුවීමත් සමඟ පුළුල් ව්‍යාපාරයක් බවට
පත් වූ විජයවර්ධනගේ පත්‍ර කර්මාන්තය සිංහල පුවත්පත් කලාවේදීන්ට වැදගත් වන්නට විය.
ලේක්හවුස් ආයතනය හැරුණු කොට තිබූ අනෙක් ප්‍රධාන ප්රවෘත්ති පත්‍ර ආයතනය වූයේ
ටයිම්ස් ඔෆ් සිලෝන් සමාගමයි.විසිවන සියවසේ මුල් දශකවලදී සිංහල පුවත්පත් බොහොමයක්
පළ වූයේ විවිධ ආගමික සමාජ දේශපාලන සමාගම් සහ පුද්ගලයන්ගේ මූලිකත්වයෙනි.මෙම කාලය වන
විට සිංහල පාඨකයන් අතර ප්‍රචලිතව තිබුණු සිංහල පුවත් පත් වූයේ 1906 සිංහල බෞද්ධයා, 1909 දිනමිණ, 1910 සිංහල ජාතිය, 1912 ලක්මිණ,1924 ස්වදේශ මිත්‍රයා ආදියයි.
1930 පමණ වන විවිට මුද්‍රිත
ජන මාධ්‍යයක් වශයෙන් සිංහල පුවත්පත් සැලකිය යුතු වර්ධනයක් අත්කරගෙන තිබුණ බව
පැහැදිලි වේ.1930 මාර්තු 23 වන දා ඩී.ආර්. විජේවර්ධන මහතා ලේක්හවුස් සමාගම මගින් අලුත් ඉරිදා
පත්තරයක් සිළුමිණ නමින් ආරම්භ කර ඇත.එසේම 1931 මාර්තු 27 සත්‍යවාදී නම් සතිපතා පුවත්පතක් ආරම්භ කර තිබේ.1933 අප්‍රේල් 1 වැනිදා ඩබ්.ඒ
සිල්වා විසින් මහජන ප්රවෘත්ති පත්‍ර සමාගම වෙනුවෙන් පළකරන ලද ලංකා සමය පුවත්පත විශේෂයෙන් සඳහන් කළ
යුතුය.සිංහල පුවත්පත් අතර පැරණිම පුවත්පතක් වූ ලක්මිණි පහන 1934 ජුනි 26 සිට මුනිදාස කුමාරතුංග මහතාගේ සංස්කාරකත්වයෙන් පළ වන්නට විය.1936 මන්ත්‍රණ සභා මැතිවරණ සමයේ ඉළපත
නමින් පත්‍රයක්ද පළකරයි. මෙකල ප්‍රාදේශීය පුවත්පත් කිහිපයක් පළ වී තිබේ.1932 උඩරට, 1933 රුහුණු
හඬ,
1934 උඩරට තරුණයා, 1936 දකුණු තරුව, 1947 මොරටු
හඬ යන පුවත්පත් වැදගත් වේ.1947 ඔක්තෝම්බර් 29 ටයිම්ස් ඔෆ් සිලෝන් සමාගම විසින් ප්‍රථම වරට සිංහල පුවත්පතක් නිර්මාණය
විය.ඒ ලංකාදීප පත්‍රය යි.ජුලියස් ලැනරෝල් මහතා එහි ප්‍රධාන කර්තෘ ධුරය දැරූ අතර
පසුව ඩී.බී. ධනපාල මහතා කර්තෘ බවට පත්විය.1953 දී ජනතා නමින් සවස
පුවත්පතක් ලේක්හවුස් ආයතනය මගින් ආරම්භ විය.1957 වනිතා විත්ති නමින්ද පත්‍රයක් ආරම්භ කෙරිණි.1961 අගෝස්තු 14 දවස පුවත්පත් ආරම්භ
විය. 1961 අගෝස්තු 20 සතිපතා ඉරිදා පත්‍රයක්
රිවිදින නමින් පළවිය.පසුකාලීනව ලේක්හවුස් ආයතනයෙන් සරසවිය,මිහිර,බුදුසරණ,තරුණි,සුබසෙත ආදී වූ පත්‍ර
කිහිපයක්ම බිහිවිය.ලංකාවේ පුවත්පත් ඉතිහාසයේ වැදගත් සිදුවීම් කිහිපයකට මුලපිරූ
දශකයක් ලෙස 1970-80 කාල වකවානුව හැඳින්විය හැකිය. අද,අරමුණ,දිනපති,ඇස,දිරිය,නිර්ධනයා ආදී
පුවත්පත් රැසක් එකල ආරම්භ කර ඇත.විජය ප්‍රකාශන සමාගම මගින් 1980 සතුට,විජය,සිරිකත,තරුණයා පුවත්පත ආදි
වශයෙන් සතිපතා පුවත්පත් ආරම්භ විය. උපාලි පුවත්පත් සමාගම විසින් ප්‍රථම වරට 1981 දී චිත්‍රමිත්‍ර නමින් චිත්‍රකතා පුවත්පතක් ආරම්භ විය.1982 පෙබරවාරි 4 දිවයින ඉරිදා සංග්‍රහය
පුවත්පත ඇරැඹිණි.1982 නවලිය පුවත්පත,බිංදු ළමා පුවත්පත,විදුසර පුවත්පත
ආරම්භ විය.මෙයට අමතරව විසිවන සියවසේ ජාතික ව්‍යාපාරයට සමගාමීව දමිළ හා මුස්ලිම්
පුවත්පත් ගණනාවක් ආරුමුග නාවලර් බදියුදීන් යන ජන නායකයන් ගේ මූලිකත්වයෙන් ආරම්භ වී
තිබේ.මේ අතර අද පවා දක්නට ලැබෙන තිනකරන්,තිනකරන් වර මංජලී,වීරකේසරී පුවත්පත් ඉතාමත් ජනප්‍රිය දමිළ පුවත්පත ලෙස දක්නට ලැබෙයි. 90 දශකය වන විට සිංහල පුවත්පත් කලාවේ විකල්ප පුවත්පත් බිහිවිය, 1990 රාවය, ලක්මිණ,යුක්තිය, 1992 ලක්දිව
ආදී විකල්ප පුවත්පත් බිහිවිය.සුමති පුවත්පත් සමාගම 1994 ඔක්තෝබර් සිට
ලක්බිම නමින් නවතම ඉරිදා පුවත්පතක් ආරම්භ කර ඇත.ඉහත ආකාරයට විසිවන සියවස පුරාවටම
පුවත්පත් කලාවේ වර්ධනය සිදුවිය.
උක්ත කරුණු හා නිදසුන් මගින් ගම්‍යමාන වන්නේ පුවත්පත හුදෙක් තොරතුරු සපයන්නෙකු ලෙස මුල් කාලීනව බිහි කර ගත්තත් පසුකාලීනව අධ්‍යාපන මාධ්‍යයක් වශයෙන් ද,සිද්ධි ගවේෂණය කිරීම සඳහා ද,සංස්කෘතික වාහකයකු වශයෙන් ද,භාෂාව නිර්මාණය කරන්නෙක් වශයෙන් ද,රස උත්පාදකයෙකු වශයෙන් ද විවිධ කාලවල විවිධ පුද්ගලයන්ගේ විවිධ අවශ්‍යතා අනුව නිර්මාණය කරගෙන ඇති බවයි.
පසිදු නයනජිත්(ශ්‍රීපාලි මණ්ඩපය,ජනමධ්‍ය අධ්‍යනාංශය,දෙවන වසර)





No comments:
Post a Comment