ගුවන් විදුලිය යනු
මානව ඉතිහාසය තුළ සන්නනිවේදනයට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි.ප්‍රාථමික යුගය තුළ සිටි මිනිසාගේ සරල ජීවන රටාවට අනුුකුලව එම යුගයේ භාවිත කරන ලද්දේ සරල සන්නිවේදන ක්‍රමයන්ය. පසුව මිනිසාගේ ජිවන රටාව ප්‍රබල ලෙස සංකීර්ණ වීම නිසා සන්නිවේදන ක්‍රමයන්ගේද දියුණුවක් අවශ්‍ය විය.මෙම අවශ්‍යතා සපුරාලිම වෙනුවෙන් සන්නිවේදන තාක්ෂණයේද කැපි පෙනෙන පෙරළියක් ඇති විය. විවිධ විද්‍යාඥයින් මේ සදහා විවිධ පර්යේෂණ කරන්නට විය.එවායේ ප්‍රතිඵල වශයෙන් ගුවන්විදුලිය බිහි විය. සංහතික මාධ්‍යයක් ලෙස පුවත්පත ප්‍රචලිතව පැවති අවධියක ගුවන් විදුලිය බිහි වීම කාගේත් අවධානය දිනාගත් කරුණක් වේ.ඉංග්‍රිසි භාවිතය Radia ලෙස භාවිතා කළද ම මුල්ම කාලයේ මෙය හදුන්වා ඇත්තේ වයර්ලස් යනුවෙනි. වයර්ලස් යනු රැහැන් භාවිතයෙන් තොරව ශබ්දයක් එක් තැනක සිට තවත් තැනකට සංඥා යැවීමේ ක්‍රමයකි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ගුවන් විදුලිය බිහි විය.ශබ්දය හෙවත් භාෂාව ම මුල් කර ගනිමින් ගුවන් විදුලිය ක්රියාත්මක වන බැවින් තාකිෂණික මාධ්‍යක් ලෙසටද ගුවන් විදුලිය පෙන්වා දිය හැක. මිනිස් හඩ ම මුලික වශයෙන් යොදාගෙන ඒ සදහා විවිධ ශබ්දයන් ද ම මුසු කොට ගනිමින් ගුවන් විදුලිය තම සනනිවේදන කෘත්‍ය ඉටු කරනු ලබයි. .ලෝක සන්නිවේදන ඉතිහාසය අලුත් මගකට යොමු කළ සොයා ගැනිමක් බවට ගුවන් විදුලිය පත් වූයේ එමගින් සිදු වු සමාජ වෙනස නිසාය. නූතන මාධ්‍ය කෙතරම් තිබුණ ද අදටත් ලෝකයේ බොහෝ ප්‍රදේශවල ජනතාව අතර ගුවන් විදුලිය වඩාත් ප්‍රචලිතව ඇත. වර්තමානයේද අනෙකුත් ප්‍රභල මාධ්‍යන් සමග ගැටෙමින් විවිධ වෙනස්කම් සිදුකරමින් තරගකාරී ලෙස නොනැසි පවතින මාධ්‍යක් ලෙස ගුවන් විදුලිය පෙන්වා දිය හැක.

No comments:
Post a Comment