උප භාෂාවක් යනු
භාෂාව යනු
පුද්ගලයා සතු වූ විශිෂ්ටතම සන්නිවේදන මෙවලමයි. මිනිසා අන් සතුන්ගෙන් වෙන් කර
දැක්වීමේ දී ගත හැකි ප්‍රබලතම සාධකය වන්නේ ද භාෂාවයි. භාෂාව කවදා කොහේදී බිහි වී
දැයි නිශ්චිතව ප්‍රකාශ කළ නොහැක. ඒ අනුව භාෂාව යන්න මානව සමාජයේ පැවැත්ම සඳහා
අතිශය වැදගත් බව පෙනේ. භාෂාව පිළිබඳව විවිධ පර්යේෂණයන් මෙන්ම භාෂාව සඳහා විවිධ
අර්ථකථනයන් ද ලොව පුරාම දක්නට ලැබේ. ඒ අතුරින් එඩ්වඩ් සැපීර් විසින් භාෂාව
නිර්වචනය කරනු ලබන්නේ මෙසේ ය.
"භාෂාව යනු හුදෙක් මානවීය මෙන්ම නෛසර්ගික නොවූ විධික්‍රමයකි.
එය අදහස්. හැඟීම් සහ රුචි - අරුචිකම් ප්‍රකාශ කිරීම සඳහා නිෂ්පාදිත සංකේත
පද්ධතියකින් සැකසුනකි."
ඒ අනුව
භාෂාව නෛසර්ගික වූවක් බවත් එය සෑදී ඇත්තේ සංකේත පද්ධතියකින් බවත් පැහැදිලිය. ලොව
පුරා මේ වන තෙක් භාෂා 6000 - 7000 ගණනක් දක්නට ලැබෙන අතර මෙම භාෂා එකිනෙකට වෙනස් වේ.
භාෂාවක් බොහෝවිට බිහිවන්නේ සංස්කෘතියක් තුළින්ය. එම සංස්කෘතියේ තිබෙන ලක්ෂණ පදනම් කරගනිමින් එම සංස්කෘතිය තුළ එම භාෂාව උත්පත්තිය ලබයි. විශේෂයෙන් මහා සංස්කෘතියක් පාදක කරගනිමින් ප්‍රධාන භාෂාවක් නිර්මාණය වන අතර මහා සංස්කෘතිය තුළ තිබෙන උපසංස්කෘති තුළද යම් උප භාෂාවන් දක්නට ලැබේ. ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි රටවල් තුල මෙම උප සංස්කෘතින් වැඩි වශයෙන් දක්නට ලැබේ. එවැනි සමාජයක් තුළ සන්නිවේදන කාර්යයේ යෙදීමේදී උප භාෂාවන් පිළිබඳව අවබෝධය වැදගත්ය. ඒ අනුව මෙම ලිපිය මගින් අප ජීවත්වන සමාජයේ එදිනෙදා සන්නිවේදන කටයුතු කිරීම සඳහා උප භාෂාවන් පිළිබඳ අවබෝධය කෙතරම් වැදගත්ද යන්න පැහැදිලි කිරීම කටයුතු කරයි.
01.සංස්කෘතිය, උප සංස්කෘතිය හා උප භාෂාව
පුද්ගල අන්තර් ක්‍රියාවන්
ගෙන් බැඳුණු සාමාජීය එකතුවක් සමාජයක් වේ. එම සමාජයේ ජනතාවගේ ජීවන ක්‍රමය සංස්කෘතිය
යි. ඒ අනුව සංස්කෘතිය හා සමාජය අතර අවියෝජනීය සම්බන්ධතාවක් පවතී.
ඕනෑම රටක මහා සමාජයේ
පුද්ගලයන් පොදුවේ නියෝජනය කර ලබන ප්‍රධාන සංස්කෘතියක් දක්නට ලැබේ. එය ජාතික
සංස්කෘතිය හෙවත් මහා සංස්කෘතිය ලෙස නම් කළ හැක. එය තුළ ජාතික,
ආගමික,
ආර්ථික,
දේශපාලනික,
සමාජීය ආදී වශයෙන් වු නොයෙකුත් සාධක මත මහා සංස්කෘතිය තුළ
නිර්මාණය වන කුඩා සංස්කෘති උප සංස්කෘති ලෙස හඳුන්වයි. නැතිනම් විවිධ සාධක මත වෙන්
වෙන් ව පවතින උප සමාජයට අයත් සංස්කෘතිය උප සංස්කෘතියයි. එය මහා සංස්කෘතියේ ම
කොටසකි. උදාහරණ ලෙස ප්‍රාදේශීය උප සංස්කෘතිය,
ආගමික උපසංස්කෘති,
ග්‍රාමීය
උපසංස්කෘති, වෘත්තිමය උපසංස්කෘති පෙන්වා දිය හැක.එසේම උප සංස්කෘතියක් ඇතිවීම කෙරේ බලපාන හේතු කීපයක් දැක
ගත හැක.
·
බාහිර සමාජයෙන් වෙන් ව පැවතීම,
·
එකම භූමියක වාසය කිරීම,එකම වයස් පරාසයක පිරිසක් වීම,
·
සමාන අධ්‍යාපන සුදුසුකම් ලැබූ පිරිසක් වීම,
·
සමාන කාර්යන් වල නියැලීම,
·
සමාන ගැටළු වලට මුහණ දීම
වැනි කරුණු හේතුවෙන් මහා සංස්කෘතියක් තුල උප
සංස්කෘති බිහිවේ.
එසේම උප භාෂාවක් යනු ප්‍රධාන
භාෂා ධාරාවෙන් බිඳී ආ අනුධාරාවක් ලෙස පෙන්වා දිය හැක. සරලව පැවසුවහොත් උප
සංස්කෘතිය තුළ ඇති සංස්කෘතික ලක්ෂණ ඇසුරින් ගොඩනැගුණු භාෂාවක් උපභාෂාවක් වේ. එය ප්‍රධාන
ධාරාවේ භාෂාවෙන් බිඳී ගොඩනැඟුණු භාෂාවක් වේ. උදාහරණ ලෙස විශ්වවිද්‍යාලීය උප
භාෂාව, ධීවර උප භාෂාව, භික්ෂු උප භාෂාව, යාචක උප භාෂාව පෙන්වා දිය හැක. මෙවැනි උප භාෂා රාශියක් මෙරට තුළ දක්නට ලැබෙන අතර
ඒවායින් කීපයක් වැඩි වශයෙන් පහත පරිදි පැහැදිලි කරගනිමු.
2.මෙරට උප සංස්කෘති හා උප භාෂා
a.විශ්ව විද්‍යාල උප සංස්කෘතිය
මෙරට උප සංස්කෘතිය අතුරින්
වඩාත් ප්‍රසිද්ධ උප සංස්කෘතියක් ලෙස මෙම විශ්වවිද්‍යාලය සංස්කෘතිය පෙන්වා දිය හැක.
විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ උප සංස්කෘතිය පිළිබඳ සවිස්තරාත්මකව අධ්‍යනය කිරීමේදී
වෙනත් අධ්‍යාපන මධ්‍යස්ථානයක ශිෂ්‍ය ජීවිතයක් හා
සසඳා බැලූවිට විශ්ව විද්‍යාලය ශිෂ්‍යයකුගේ ජීවිතය හාත්පසම වෙනස්ය. නිදසුනක්
ලෙස වෙනත් අධ්‍යාපන ආයතනයක නිල ඇඳුමක් හා විවිධ නීති රීතිවලට යටත්ව කටයුතු කරයි.
නමුත් මෙමම විශ්ව විද්‍යාල සංස්කෘතිය තුළ එවැනි නිල ඇඳුමක් හෝ වෙනත් නීතිමය වශයෙන්
කොටු වීමක් දක්නට නැත. පෙම්වතුන් පෙම්වතියන් ලෙස හැසිරීම,
ලිංගික නිදහස මෙන්ම භාෂණයේ
නිදහස ද වැඩි වශයෙන් දක්නට ලැබේ. ඒ හේතුවෙන් විශ්ව විද්‍යාල සංස්කෘතිය වඩාත්
කතාබහට ලක්වන උප සංස්කෘතියක් බවට පත්ව ඇත.
ඒ අනුව මෙම විශ්ව විද්‍යාල
උපසංස්කෘතියේ උප භාෂාව ද ඊටම ආවේණික වූ ලෙස සැකසී ඇත. සරසවි උප භාෂාව ප්‍රධාන
ලක්ෂණ දෙකක් හදුනාගත හැක.
1. මහා සංස්කෘතියේ ප්‍රධාන භාෂාවෙි වචන වෙනත් අර්ථ සඳහා
භාවිත කිරීම.
2. උප සංස්කෘතියට ම ආවේණික වූ සුවිශේෂී වූ වචන දක්නට ලැබීම.
මෙහිදී පළමුවැන්නට උදාහරණ ලෙස
·
නැව - නවක ශිෂ්‍ය කණ්ඩායම
·
උදැල්ල - යම් බාධාවක් හැදින්වීමට
·
කොක්ක - පෙම්වතා හෝ පෙම්වතිය හැඳින්වීම සඳහා. ( බත් කොක්ක,නෝට් කොක්ක,සිරා කොක්ක වශයෙන් විවිද ප්‍රභේදයන්ද දක්නට ලැබේ)
·
නයා ඇදීම - පුරසාරම් දෙඩීම
·
පූජා භූමිය - පෙම්වතුන් සදහා වෙන් කළ ස්ථානය (මෙයට වෙනත් අය ඇතුලු නොවේ)
·
වල්ගය - වාසගම
·
පූජාව - සිපගැනීමේ සිට ඕනෑම ලිංගික කටයුත්තක් කිරීම මින් අදහස් කරයි.
·
සිබා - තම පෙම්වතිය සමග හෝ වෙනත් ගැහැණු ළමයින් සමග නිතර ගැවසෙන පුදගලයා.
· මුදුනා - යම් කටයුත්තක් අන් අයට වඩා කැපී පෙනෙන ආකාරයෙන් ඉදිරියට විත් කරන්නා.
එසේම විශ්ව විද්‍යාල සංස්කෘතියටම ආවේණික වූ සුවිශේෂී වූ වචන සහිත උප භාෂාවන්ක් ද දක්නට ඇත.
·
ප්‍රෙශා,ප්‍රෙශී - නවක ශිෂ්‍යයා,
ශිෂ්‍යාව
·
ලෙචා,ලෙචී - කථිකාචාර්යවරයා/ වරිය
·
ප්‍රොපා - මහාචාර්යවරයා
·
බ්‍රයිටා - දක්ෂයා
·
කඩ්ඩ - ඉංග්‍රිසි
භාෂාව
·
ජුන්න - නවක
සිසුවා
·
සින්න - ජ්‍යේෂ්ඨ
සිසුවා
·
බොග කෑම -
වැසිකිලියට වී පාඩම් කිරීම.
·
ජංගල් කෑම -
එළිමහනේ ගස් යටට වී පාඩම් කිරීම.
·
ගරිල්ලා කෑම -
අන් අයගේ සටහන් සොරකම් කර පාඩම් කිරීම.
·
මෙන්ඩිස් කෑම
- ආත්මාර්ථකාමී ලෙස අන් අයට උදව් නොකරමින් පාඩම් කිරීම.
·
ජංගම කෑම -
ඇවිදිමින් එක් තැනක නොසිට පාඩම් කිරීම.
මෙලෙස ඉහත කරුණු දෙක ඔස්සේ විශ්වවිද්‍යාලය තුළ උප භාෂාව භාවිතා වන ආකාරය හඳුනාගත හැකිය.මිට අමතරව පේරාදෙණිය සරසවියේ විවිධ පීඨයන් හැදින්වීම සඳහාත් විවිධ නම් භාවිතා කරයි.
·
පින්තූර කඩේ - ශාස්ත්‍ර
පීඨය
·
මස් කඩේ - වෛද්‍ය පීඨය
·
දත් කඩේ - දන්ත වෛද්‍ය
පීඨය
·
බලු මස් කඩේ - පශුවෛද්‍ය
පීඨය
·
සයිකල් පයිසයිකල් කඩේ
- විද්‍යා පීඨය
·
කම්මල් කඩේ -
ඉන්ජිනේරු පීඨය
·
මඩ කඩේ - කෘෂි විද්‍යා
පීඨය
· සාත්තු කඩේ - සම සෞඛ්‍ය විද්‍යා පීඨය
"හැන්ඩියට කෙල්ලො නෑ රූමන්ට ඇඳන් නෑ බ්‍රයිටන්ට
ක්ලාස් නෑ" සරසවිය තුල ඇති කියමනකි. සිසුන් නේවාසිකාගාර තුල හා විශ්ව විද්‍යාල
තුල පොදුවේ යම් යම් භාණ්ඩ පරිහරණය කිරීම හැඳින්වෙන්නේ "ගජේ දැමීම"
නමිනි.ආර්ථික දුෂ්කරතා නිසා ඇදුම් පැළදුම් නිතර "ගජේ ගහන"
භාණ්ඩ වේ. සිසුන් බස් හා දුම්රිය ගමන් වලදී මුදල් නොගෙවා යාම "ඉබ්බට
යාම" වේ. මුදල් ද නොගෙවා ඉතිරි මුදල් ඉල්ලා සිටීම "කැස්බෑවාට
යනවා" ලෙස හඳුන්වයි. පේරාදෙණිය සරසවිය තුල සිසුන්ගේ මරණ ගෙදරකට සහභාගී
වීම "මකපකට යනවා" ලෙස හැඳින්වේ. මළ ගෙදරත් ඔවුන්ට ආහාර පාන ලබා
දෙන කප්රුකකි. මේ නිසා එය " කප" ලෙස හැඳින්වේ. සිසුන් කරන බරපතල
වැරදි වලට සැඟවී සිට පහර දීම "යකා ගහනවා" යනුවෙන් හැඳින්වේ.
ඒ අනුව විශ්වවිද්‍යාලීය සමාජය තුළ දෛනික වශයෙන්
සන්නිවේදන කාර්යයේ යෙදීමේදී මෙම උප භාෂාව පිළිබඳව අවබෝධය ඉතා වැදගත් වේ.මෙමගින්
ඉතා හොද සන්නිවේදනයක් ඔවුන්ට ලාබා දිමට හැකිය මන්ද ඔවුන්ට මෙම භාශාව සමීප බැවින්
එය අර්ථකථන කරගැනීමද පහසු වේ.
b.වෘත්තිමය උප සංස්කෘතිය
වෘත්තීය පදනම් කොටගෙන ගොඩනැගුණු සංස්කෘති වෘත්තිමය උප
සංස්කෘති ලෙස හඳුන්වයි. මේවා එම රැකියාවේ ස්වභාවය පුද්ගලයන් පාදක කොට ගෙන ගොඩනැගී
ඇත. එම සංස්කෘතියටම අනූන භාෂාවක්ද මෙහි දක්නට ඇත. උදාහරණ ලෙස වෛද්‍ය වෘත්තිකයන්,
ලිංගික වෘත්තිකයන්,
ත්‍රි විලර් රියදුරු වෘත්තිකයන්,
නීතිඥ වෘත්තිකයන් ඔවුන්ට
ආවේණික වූ උපසංස්කෘතියක් ගෙන යනු ලබයි.
විශේෂයෙන්ම ගණිකා වෘත්තිය තුළ දී අපිට ගැලපෙන උපභාෂාවක්
යොදාගනු ලබයි. ඉන් කිහිපයක් මෙසේ ය.
·
ජොයින්ට් එක/පොට් එක - ගණිකාවන් නිතර රැඳී සිටින ස්ථානය.
·
- මුකුත් කනවද ලිංගික සම්බන්ධතාවකට කැමතිදැයි ඇසීම.
·
- රේන්කෝට් දැමීම පිරිමියා ආරක්ෂිත කොපුවක් දමා සංසර්ගයේ යෙදීම.
·
- පුංචි තව් ලා බාල ගණිකාව
·
චාටර් / ගෝත - වියපත් ගණිකාව
·
- තෙල් කෑල්ල අලුතින් ගණිකා වෘත්තියට
ඇතුළත් වූ කාන්තාව.
මෙම ගණිකා වෘත්තිය තුළ රහස්‍ය බව යන්න ඉතා වැදගත් සාධකයක් වන අතර ඊට සමගාමීව මෙම ව භාෂාව ගොඩනැගී ඇති බව පෙනේ. ඒ අනුව මෙම වෘත්තිය සමග ගනුදෙනු කිරීමේදී හා වෘත්තිය පිළිබඳව අධ්‍යනයේ යෙදී මෙම උපසංස්කෘතිය පිළිබඳ අවබෝධය වැදගත් ය. මීට අමතරව කමත් භාෂාව හෙවත් ගොවි වෘත්තීය තුළ ද ඊට ආවේනික භාෂාවක් දක්නට ඇත. ඉන් කිහිපයක් මෙසේ ය.
·
අත් මල්ල - පැල වී
ඉහින පෙට්ටිය.
·
අමුඩය - කුඹුරු
වගාවේදී යොදාගන්නා ඇදුම
·
අරක්වල - කමත මැද සාදන
වල
·
ඉස්සරයි - එපා
·
ඉහ දෙනවා - අයිනවා
·
අරක් පොළ - හරක් බදින
කණුව
·
කොල දින් කාලය - ගොයම්
කපන කාලය.
·
ගොම් පස් - ගොම
· කුඹල් ගෙඩිය - කළ
- ගොල්ල-පිරිස
මෙලෙස කමත ආශ්‍රිත වැඩකටයුතුවලදී මෙම උප භාෂාව
යොදා ගනිමින් සන්නිවේදනයේ යෙදේ. එය ඔවුන්ට හුරු පුරුදු හා සමීප භාෂාවක් වේ. එසේම
ධීවර වෘත්තිය තුළ ද ඊට අනුකූල භාෂාවක් යොදා ගනියි.
·
දියඹ - ඈත මුහුද
·
ඔරුව - මසුන් මැරීම
සඳහා දියේ පැද යන යාත්‍රාව
·
ගොළු මුහුද - ගැඹුරු මුහුද
·
රුවල් ඔරුව - - ඈත මුහුදේ රුවලකින්
පදවන යාත්‍රාව
·
බල ඔරුව - බලයන් මැරීමට දියඹේ
යාත්‍රා කරන රුවල සහිත ඔරුව
·
සුරාවලිය/ දිය අත - මුහුදු රළ ගමන් කරන
දිශාව
මෙය ආදි විවිධ
වෘත්තියමය උප සංස්කෘති තුළ ඊට ආවේණික වූ උප භාෂාවක් දක්නට ලැබෙන අතර එම උප භාෂාව
වෘත්තිය තුළ යෙදීමේදී ඉතාම වැදගත් ය.
c. ආගමික උප සංස්කෘතිය.
ශ්‍රී ලංකාව තුළ විවිධ ආගම් දක්නට ලැබෙන අතර
ඒවා වෙනම සංස්කෘතියක් තුල පිහිටා ඇත . ඊටම ආවේණික වූ ලක්ෂණ අප රටවිවිධ ආගම් තුළ
දක්නට ලැබේ. උදාහරණයක් ලෙස මෙරට බෞද්ධාගමික භික්ෂු සංස්කෘතිය තුළ ඊට ආවේණික වූ
භාෂාවක් දක්නට ඇත. ආගමික උප
සංස්කෘතිය.
·
වැළඳීම - ආහාර ගැනීම
·
- සැතපීම නිදාගැනීම
·
- පැන් වතුර
·
- වැඩීම යෑම,ඒම
·
ගිලන්පස - තේ
·
- අපවත් වීම මරණය
මෙම ආගමික උප භාෂාව තුල වැඩි වශයෙන් දක්නට
ලැබෙන්නේ සංවරත්වයට හුරු භාවයක් ය. එම භාෂාව භාවිතා කිරීමේදී යම් ගෞරවයකින් හා
භක්තියක් ඇති වන ආකාරයට මෙම භාෂාව නිර්මාණය වී ඇත. ඒ අනුව මෙම භාෂාව ඊට අදාළ ආගමික
සංස්කෘතිය තුළ වැදගත් භූමිකාවක් ඉටු කරයි.
d.ප්‍රාදේශීය උප සංස්කෘතිය
කිසියම් ප්‍රදේශයකට එනම් භූමි ප්‍රදේශයකට
ආවේණික වූ සංස්කෘතිය ප්‍රාදේශීය සංස්කෘතිය හඳුනා ගත හැක. මෙරට තුළ විවිධ ප්‍රාදේශීය
වූ භාෂාවක් දක්නට හැකිය ඒවා පහත පරිදිය.
රුහුණු
උපභාෂාව - රුහුණු උපභාෂාට යනු අද දකුණු පළාත වශයෙන් හැඳින්වෙන ප්‍රදේශයට විශේෂ
වූඋපභාෂාව යි. වැල්ලබඩපත්තුව, ගඟබඩපත්තුව, හිනිදුම්පත්තුව, තල්පේපත්තුව,හිරුවාපත්තුව, මාගම්පත්තුව යන ප්‍රදේශ ඊට අයත් වේ.
·
මුදුන - කොණ්ඩුව
·
ලෙලි ගසනවා - ඔයනවා
·
කරදිය - කරිජ්ජ
·
මොකද - මක්කයි
උඩරට උප භාෂාව
·
පණිවිඩය - පහිනය
·
නළවනවා - පුන්නනවා
·
උදෑසන - හිනිමිදිරිය
දිගාමඩුලු උප භාෂාව
·
වලසා - පරියා
·
බල්ලා - කෑටා
·
හොද්ද - කායම
මේ ආදි ප්‍රාදේශීය වශයෙන් ගොඩ නැගුණු උප භාෂාවන් දිවයින
පුරාම දක්නට ලැබෙන අතර ඒවා ප්‍රාදේශීය වශයෙන් සන්නිවේදනයේ යෙදීමේදී අතිශය වැදගත්
වේ.
මේ අනුව උප සංස්කෘතිය තුළ ඇති උප භාෂාවන් කිහිපයක් හඳුනා
ගැනීමට හැකි විය. මෙම උප භාෂාවන් එක් එක් ජන කණ්ඩායම් වල අනන්‍යතාවය ප්‍රදර්ශනය
කරන මෙවලමක් නමක් වශයෙන් ද යොදා ගත හැකිය. කෙසේ වෙතත් ජනමාධ්‍ය ඇතුළු ප්‍රධාන
සන්නිවේදන මාධ්‍යන්ට මෙම භාෂා භාවිතා කළ නොහැකිය. යම් යම් අවස්ථාවලදී විශේෂිත
කරුණු මුල්කර ගනිමින් උපභාෂා භාවිතා වන අවස්තා දැකගත හැක. එහෙත් එය සමස්තයක්
නියෝජනය නොකරයි.
කෙසේවෙතත් මෙම උප භාෂාවන් එදිනෙදා සමාජ ජීවිතයේදී විවිධ අවස්ථාවල අතිශය වැදගත් ය. ඒ හේතුවෙන් මෙම භාෂාව පිළිබඳ අවබෝධය අප සියලු දෙනාටම ප්‍රයෝජනවත් වේ.
නිගමනය
භාෂාව මානව සමාජයේ අතිශයම
වැදගත් සාධකයක් ය. ලොව පුරා විවිධ භාෂාවන් දක්නට ලැබෙන අතර යම් ප්‍රධාන
සංස්කෘතියක් තුළ ප්‍රධාන භාෂා ධාරාවක් ද දක්නට ලැබේ. ඊට අමතරව මෙම ප්‍රධාන භාෂා
ධාරාවෙන් බිදි උප සංස්කෘතියක් තුළ ගොඩනැගුණු භාෂාව උපභාෂාවක් ලෙස හඳුනා ගත්තේය.
අප රට තුළ විවිධ භාෂාවන් දක්නට ඇති බව ඉහත දක්වා ඇත. එය අතුරින් විශ්වවිද්‍යාල උප භාෂාව, වෘත්තිමය උප භාෂාව, ප්‍රාදේශීය උප භාෂාව, ආගමික උප භාෂාව පිළිබඳ අප ඉහත නිබන්ධනයේදී සාකච්ඡා කළෙමු. එම එක් එක් භාෂා තුළ ඇති උදාහරණ ගෙනෙමින් එය ප්‍රධාන භාෂා ධාරාවෙන් වෙනස් වන බව ඔප්පු කිරීමට හා එය එදිනෙදා සන්නිවේදනයේදී වැදගත් බව මෙමගින් පැහැදිලි වේ.

No comments:
Post a Comment